
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පසුගියදා (17දා) රාත්‍රියේ නුවරඑළිය නගරයේ තරුණයන් පිරිසක් එක්ව එක් තරුණයකුට දරුණු අන්දමින් පහර දී ඇති අතර, පහර කෑ තරුණයා මේ වන විටත් නුවරඑළිය දිස්ත්‍රික් මහරෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
මෙලෙස පහරදීමෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින්නේ නුවරඑළිය පදිංචි නිලූෂ් ශෙරෝන් සමරජීව (අවුරුදු 23) නමැති තරුණයකු බව නුවරඑළිය පොලිසිය පවසයි.
රෝහල්ගතව ප්‍රතිකාර ලබන තරුණයාගෙන් සිදුවීම සම්බන්ධව කළ විමසුමකට ඔහු පවසා ඇත්තේ, සැණකෙළියකට සහභාගි වී සිටියදී තමන්ට ලැබුණු දුරකථන ඇමතුමකට පිළිතුරු දීමට පැමිණි අවස්ථාවේ සැණකෙළි භූමියේ සිට පිටතට පැමිණීමේදී මහනගර සභාවේ නාගරික මන්ත්‍රවරයකුගේ පුතුන් දෙදෙනකු සහ ඔවුන්ගේ මැර පිරිසක් විසින් පෞද්ගලික තරහක් පිරිමැසීමේ අරමුණින් තමාට පහරදුන් බවයි.
මේ පිළිබඳව නුවරඑළිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.එස්.සී. සංජීව පවසා ඇත්තේ, පසුගිය මාස කිහිපය තුළ අවස්ථා ගණනාවකදී මෙම පහරදීම සිදුකළ බව කියන නාගරික මන්ත්‍රීවරයාගේ පුත්‍රයන් වන අදාළ තරුණයන් දෙදෙනා, රෝහල්ගතව ප්‍රතිකාර ලබන තරුණයාට පහරදීම් හා බැන තජර්නය කිරීම් දිගින් දිගටම සිදුකර ඇති බවත් පොලිසියෙන් දැඩි අවවාද ලබාදී ඇති පසුබිමක නැවත මෙසේ පහරදී ඇති බවත්ය.
අදාළ සිදුවීම පිළිබඳව ඉදිරි නීතිමය කටයුතු හා අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කර පහරදීමට සම්බන්ධ සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද නුවරඑළිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා වැඩිදුරටත් පවසා ඇත.
(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart