
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2026 ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ඇතුළු විදේශීය ලීග් තරගාවලිවලට සහභාගී වීම සඳහා ‘විරෝධතා නොමැති සහතිකයක්’ (NOC) ලබාදීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් තමා ගෙන ඇති නීතිමය ක්‍රියාමාර්ගය ඉල්ලා අස්කර ගැනීමට කැමැත්ත පළකරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සමාව අයැද සිටින බවට ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර ලිපියක් නිකුත් කර තිබේ.
සභාපති ෂම්මි සිල්වා සහ තවත් නිලධාරියකුට පිටපත් සහිතව, ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා වෙත යොමුකරන ලද විද්‍යුත් තැපෑලක, නුවන් තුෂාර පවසා ඇත්තේ, ක්‍රිකට් ආයතනය අධිකරණයට ගෙනයෑම හෝ ආයතනය දුෂ්කර තත්වයකට පත්කිරීම කිසි විටෙකත් තම අභිප්‍රාය නොවූ බවයි.
“මෙම ක්‍රියාවලිය පුරාම මගේ එකම අභිප්‍රාය වූයේ සාධාරණත්වය සහ යුක්තිය සෙවීමයි. මන්ද මේ කාරණයේදී මට අසාධාරණයක් සිදුවී ඇති බව මට සැබවින්ම හැඟෙන බැවිනි. මා මුලින් සලකා බැලූ පියවර, ගැටුම් ඇති කිරීමට හෝ ආයතනයට අපකීර්තියක් ගෙන ඒමට වඩා, මගේ ගැටළු නිසි ලෙස විසඳා ගැනීමේ අවශ්‍යතාව මත ගනු ලැබීය” යැයි නුව තුෂාර සිය ලිපියේ සඳහන් කර ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සහ එහි නිලධාරීන්ට සිදු වූ ඕනෑම අපහසුතාවයක් සම්බන්ධයෙන් ඔහු සමාව අයැද සිටී.
“මගේ ක්‍රියාවන් නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සහ එහි නිලධාරීන්ට ඇති වූ අපහසුතාවයක්, වරදවා වටහා ගැනීමක් හෝ පීඩාවක් සම්බන්ධයෙන් මම අවංකවම සමාව අයදිමි,” ඔහු පවසයි.
නීතිමය ක්‍රියාමාර්ග ඉල්ලා අස්කර ගැනීමට සහ සාමකාමී විසඳුමක් ලබාගැනීමට තමා කැමැත්තෙන් සිටින බවද නුවන් තුෂාර තවදුරටත් සඳහන් කරයි.
IPL ඇතුළු විදේශීය ලීග්වලට සහභාගී වීමට හැකි වන පරිදි විරෝධතා නොමැති සහතිකයක් නිකුත් කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නියෝග කරන ලෙස ඉල්ලා නුවන් තුෂාර මීට පෙර කොළඹ දිස්ත්‍රික් අධිකරණයේ නඩුවක් ගොනුකර තිබිණි.
මෙම නඩුව මෑතකදී කොළඹ දිස්ත්‍රික් අධිකරණය හමුවේ විභාගයට ගත් අතර, එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විරෝධතා ගොනුකරන බව අධිකරණයට දැනුම්දුන්නේය.
මෙම නඩුව අප්‍රේල් 23 වැනි දිනට කල්තබා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart