
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දියාවේ නෙඩුම්බාසේරි ගුවන් තොටුපළේදී ව්‍යාජ ගමන් ලියකියවිලි සමඟ අත්අඩංගුවට ගෙන ඇප ලබා පසුව පළාගොස් සිටින විදේශිකයන් 15 දෙනෙකු පිළිබඳ ඉන්දියාවේ කේරළ අපරාධ අංශය සෝදිසියෙන් පසුවේ.
2001 වසරේ සිට 2005 දක්වා කාලය තුළ ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගත් මෙම පිරිස ශ්‍රී ලංකාව, නේපාලය, ප්‍රංශය, ඉරානය සහ රුසියාව යන රටවල පුද්ගලයන්ය.
ඒ අතරින් වැඩිම පිරිම ශ්‍රී ලාංකිකයන් වේ.
ඔවුන්ට දැනට විභාග වෙමින් පවතින නඩුවලට චෝදනා එල්ල වී ඇත.
එලෙස පළාගිය පිරිස වන්නේ:
1.සුරංග ප්‍රදීප්( 47), ශ්‍රී ලංකාව, අනුරාධපුරය
2. නීල්(42) වඩමරාච්චි , ශ්‍රී ලංකාව
3. නාරායන මුදියන් සලගේ නිහාල්(58) පුත්තලම, ශ්‍රී ලංකාව
4.දාබාගේ ශ්‍රීමාලිකා මෙලමි ප්‍රනාන්දු(44), පුත්තලම, ශ්‍රී ලංකාව
5. ඩොර්ජි(61), නේපාලය
6. මනෝහරන්(62), යාපනය, ශ්‍රී ලංකාව
7. සිවරාමක්‍රිෂ්ණන්(40),මුලතිව්, ශ්‍රී ලංකාව
8. මාන්කයාත් කරබි(56), යාපනය, ශ්‍රී ලංකාව
9. චන්ද්‍රලිංගම් නටරාජ්(68), එඩවරෙඩ් වයිලියන්ට්, ප්‍රංශය
10. තම්පිරාජ් යෝගේන්ද්‍රම්(58), යාපනය, ශ්‍රී ලංකාව
11. ම්මිමොල්ලා බබාඛානි(46), ඉරානයේ
12. ටටියානා බොරිස්වොනා(42), රුසියාව
13.ප්‍රේමානන්ධි(40), මුලතිව්, ශ්‍රී ලංකාව
14. කවිතා(45), වඩමාරච්චි, ශ්‍රී ලංකාව
15. තුෂාරා දමයන්ති(44), පුත්තලම, ශ්‍රී ලංකාව
මෙම විත්තිකරුවන්ට එරෙහි නඩු විභාග වෙමින් පවතින නිසා අපරාධ අංශය මොවුන් සොයමින් සිටින බවත් ඔවුන් පිළිබඳ ඕනෑම තොරතුරක් එරට පොලිසියට 0484-2551158 සහ 9497987292 යන දුරකථන අංක වෙත දැනුම් දිය හැකි බව ඉන්දීය මාධ්‍ය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart