
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කිසිදු දේශපාලන පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට බහුතරයක් හිමි නොවූ පළාත් පාලන ආයතන අතරින් බලය පිහිටු වූ පළාත් පාලන ආයතන 30කින් 23කම බලය ජාතික ජන බලවේගය මේ වන විටත් හිමිකරගෙන තිබේ.
එම පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සම්බන්ධයෙන් විපක්ෂයේ පක්ෂ රැසක් මඟින් ඒකාබද්ධ විපක්ෂයක් නිර්මාණය කරගෙන ජාතික ජන බලවේගයට එරෙහිව රහසිගත එකඟතාවලට පැමිණ සිටි අවස්ථාවක ජාතික ජන බලවේගය මෙම ජයග්රහණය හිමි කරගැනීම විශේෂිතය.
පසුගිය 12 වැනිදා සිට ඊයේ (17) දක්වා කාලයේදී මේ ආයතනවලට නගරාධිපතිවරු සහ සභාපතිවරු තෝරාගැනීම පළාත් පාලන කොමසාරිස්වරුන්ගේ මැදිහත්වීමෙන් සිදුවිය.
බණ්ඩාරවෙල නගර සභාව සහ ඌව පරණගම ප්රාදේශීය සභාවේ බලය ජාතික ජන බලවේගය පිහිටුවමින් බහුතරයක් නොමැති පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම ආරම්භ විය.
සමගි ජන බලවේගය, ශ්රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂ, පොදුජන එක්සත් පෙරමුණ ඇතුළු පක්ෂ ඒකාබද්ධව එම පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට උත්සාහ ගනු ලැබීය.
කෙසේවෙතත් දඹුල්ල ප්රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස ශ්රී ලංකා පොදුජන පෙරමුණේ සභිකයාව පත්කර ගැනීමට සමගි ජන බලවේගයේ සභිකයන්ට පක්ෂය උපදෙස් දී තිබුණ ද, සමගි ජන බලවේගය මඟින් ද සභිකයකු ඉදිරිපත් කිරීම හේතුවෙන් එහි ජයග්රහණය ද ජාතික ජන බලවේගයට හිමිවිය.
මේ නිසා සමගි ජන බලවේගයෙන් පත් වූ සභිකයන්ට පක්ෂ සාමාජිකත්වය ද අහිමි කර තිබේ.
මේ වන විට ජාතික ජන බලවේගය විසින් බලය හිමිකර ගත් පළාත් පාලන ආයතන අතර කොළඹ මහනගර සභාව, කුරුණෑගල මහනගර සභාව, හපුතලේ ප්රාදේශීය සභාව, කෑගල්ල ප්රාදේශීය සභාව, දෙහිඕවිට ප්රාදේශීය සභාව, ඇඹිලිපිටිය නගර සභාව, ඇඹිලිපිටිය ප්රාදේශීය සභාව, බළන්ගොඩ ප්රාදේශීය සභාව, කලවාන ප්රාදේශීය සභාව, මැදදුම්බර ප්රාදේශීය සභාව, රත්නපුර මහනගර සභාව, දඹුල්ල ප්රාදේශීය සභාව, කල්පිටිය ප්රාදේශීය සභාව, පුත්තලම මහනගර සභාව, මැදවච්චිය ප්රාදේශීය සභාව, මීගහකිවුල ප්රාදේශීය සභාව, වැලිකන්ද ප්රාදේශීය සභාව, ගලේවෙල ප්රාදේශීය සභාව යන පළාත් පාලන ආයතන ඇතුළත්ය.(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart