
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස අතර පැවැත්වීමට යෝජිත විවාදය වෙනුවන් ජාතික ජන බලවේගය පාර්ශ්වයෙන් දින යෝජනා කර තිබේ.
ඒ අනුව අදාළ විවාදයට 2024 මැයි මාසයේ 07, 09, 13, 14 යන දිනවලින් එකක් යොදා ගැනීමට තමන් සූදානම් බව ජාතික ජන බලවේගය ප්‍රකාශ කරයි.
යෝජිත විවාදය සඳහා නිශ්චිත දින නියමවීමක් මෙතෙක් සිදුනොවීම හේතුවෙන් ජනතාව අතර මේ සම්බන්ධව නිවැරදි නොවන අදහස් මතු වීමේ ඉඩක් පවතින බැවින් මෙලෙස ඊට දින යෝජනා කරන බව ජාතික ජන බලවේගය සඳහන් කරයි.
ඊට අදාළව ජාතික ජන බලවේගය සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර වෙත යොමුකර ඇති ලිපිය පහතින් දැක්වේ.
“ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර පැවැත්වීමට යෝජිත විවාදය සඳහා නිශ්චිත දින නියම වීමක් මෙතෙක් සිදු නොවීම හේතුවෙන් ජනතාව අතර මේ සම්බන්ධව නිවැරදි නොවන අදහස් මතු වීමේ ඉඩක් තිබේ.
ඒ අනුව අප විසින් මීට ඉහතදීද යෝජනා කළ පරිදි රට මුහුණ දී ඇති සමස්ත අර්බුදයට හේතු සහ විසඳුම පිළිබඳ විවාදය 2024 වර්ෂයේ එළඹීමට නියමිතව ඇති ජනාධිපතිවරණයේ අපේක්ෂකයින් ලෙස ඉදිරිපත් වීමට නියමිත ජාතික ජන බලවේගයේ සහ සමගි ජන බලවේගයේ නායකයින් දෙදෙනා අතර පැවැත්විය යුතු බව අපි අවධාරණය කර ඇත්තෙමු. අප පක්ෂය වෙනුවෙන් නායක අනුර කුමාර දිසානායක සහෝදරයා ඊට සහභාගි වනු ඇත.
එම විවාදය සඳහා 2024 මැයි මාසයේ 07, 09, 13, 14 යන දිනවලින් එකක් යොදා ගැනීමට අපි සූදානම්ව සිටිමු. මේ සම්බන්ධව ඔබ පක්ෂයේ සූදානමට අනුව දිනය තෝරා ගැනීමෙන් අනතුරුව අදාළ වේලාව, විවාදයේ කාලසීමාව, ස්ථානය සහ විකාශනය වන නාලිකාව අපට පසුව සාකච්ඡා කර ගත හැකිය.
එසේම යම් හෙයකින් සමගි ජන බලවේගය ලෙස මෙම විවාදයට එකඟ නොවන්නේනම් ඒ බව කඩිනමින් දැනුම් දීමට කටයුතු කරන ලෙසද ඉල්ලා සිටිමු.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart