
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නිව් යෝර්ක් හි පැවති එක්සත් ජනපද විවෘත අවසන් මහා තරගයේදී ඩැනියල් මෙද්වදෙව් අභිබවා යමින් වාර්තාගත 24 වැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් කේවල ශූරතාව දිනා ගැනීමට නොවැක් ජොකොවික් සමත් විය.
36-හැවිරිදි සර්බියානු ක්‍රීඩකයා 6-3 7-6 (7-5) 6-3ක් ලෙස ජයග්‍රහණය කළ නමුත් ඔහුට කෙතරම් ප්‍රබල තරගයක් නිරත වීමට සිදු වූවාද යන්න සෘජුවම ඉන් නොකියවේ.
සුවපහසු පළමු වටයෙන් පසු දෙවැනි වටය පැය එකයි මිනිත්තු 44ක් දීර්ඝ විය.
තෙවැනි වටයේ පාලනය නතු කරගත් ජොකොවික්, මාග්‍රට් කෝට්ගේ 50 වසරක වාර්තාව සම කළේය.
මෙය ජෙකොවික්ගේ සිව්වැනි එක්සත් ජනපද විවෘත ටෙනිස් ශූරතාව වේ.
එම ශූරතාව දිනූ වයස්ගතම ක්‍රීඩකයා ද ජෙකොවික්ය.
මෙම වසර මුලදී රෆායෙල් නඩාල්ගේ පිරිමි කේවල ශූරතා 22ක වාර්තාව අභිබවා ගිය ජොකොවික්, ජූලි මාසයේදී විම්බල්ඩන් අවසන් මහා තරගය පරාජයට පත්විය.
ඔහු 2023 දී ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා හතරෙන් තුනක්ම දිනාගෙන ඇති අතර, වසර හතරකදී මෙම දක්ෂතාව දැක්වූ පළමු මිනිසා බවට පත්විය.
ලොව අංක එකේ ක්‍රීඩකයාට ජනවාරි මාසයේ ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේදී කෝට් අභිබවා යාමට අවස්ථාව තිබේ.
ඔහු දැනටමත් ඕස්ට්‍රේලියානු විවෘත ශූරතා 10ක් දිනාගෙන වාර්තාවක් පිහිටුවා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart