
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දාරළුව ප්රදේශයේ පිහිටා තිබූ පඬුකරඳ(කෲඩියා සෙලනිකා) ගස නීති විරෝධීව කපා වලදමා ඇති බව කියන සිද්ධිය සම්බන්ධව කරුණු දැක්වීම සඳහාට ලබන 21 වැනිදා අධිකරණය හමුවේ පෙනීසිටින ලෙස ගම්පහ අඩවි වන නිලධාරීවරයාට ගම්පහ මහේස්ත්රාත් අධිකරණය අද(17) නියම කර තිබේ.
ඒ මෝසමක් මගින් ඊට අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදීය.
ගස නීති විරෝධීව ඉවත් කර ඇති බවට ගම්පහ අඩවි වන කාර්යාලය කරුණු වාර්තා කර තිබූ අතර, පුරාවස්තු සුරැකීමේ සංවිධානයේ සභාපති උඩස්ගිරියේ සමිත හිමියන් වෙනුවෙන් මෙම මෝසම ගොනු කර ඇත.
දහවල් කාලයේ දුර්ලභ ගණයේ එම ගස කපා ඇත්තේ කැබිනට් මණ්ඩලයේ තීරණයකට අනුව බව ප්රකාශ කර ඇති හෙයින් මේ නීතිවිරෝධී ක්රියාව සිදුකර ඇති පුද්ගලයන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට වන නිලධාරීන් හට හැකියාව ඇති බැවින්, එම අපරාධය සිදු කළ යන්ත්ර සූත්ර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා සුදුසු නියෝගයක් නිකුත් කරන මෙන් පැමිණිලිකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනීසිටි නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා තිබේ.
එම ඉල්ලීම සලකා බැලූ අධිකරණය ගම්පහ අඩවි වන නිලධාරීවරයාට අධිකරණය ඉදිරියේ පෙනීසිටින ලෙසට දන්වා නොතීසි යැවීමට නියෝග කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart