
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
උතුරු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පසුගියදා 11 ශ්‍රේණියේ සිසුන් සඳහා පවත්වන ලද වාර විභාගයේ දෙමළ භාෂාව හා සාහිත්‍ය විෂයට දේශපාලන වැකියක් හා දේශපාලන පක්ෂයකට අදාළ ඡායාරූපයක් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ කොට තිබේ.
“‘එක රටක් ජාතීන් දෙකක්’ යන වැකිය සම්බන්ධයෙන් ඔබේ අදහස කුමක්ද?” යනුවෙන් අදාළ ප්රශ්නයේ සඳහන්ව ඇති අතර, එම වැකිය උතුරේ ප්‍රබල දෙමළ දේශපාලන පක්ෂයක තේමා පාඨය වී ඇත.
එම ප්‍රශ්නයට යටින් ඊළඟ ප්රශ්නය සඳහා ඡායාරූපයක් පළ කොට තිබූ අතර, එම ඡායාරූපය ඉහත කී දෙමළ දේශපාලන පක්ෂයේ පක්ෂ ලාංඡනය වේ.
උතුරේ සමාජ මාධ්‍ය උතුරු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ බලධාරීන් දැඩි ලෙස විවේචනය කරමින් මේ ප්‍රශ්න දෙකම එම පක්ෂයට හිතවත් අයකු විසින් ප්‍රශ්න පත්‍රයට ඇතුළත් කොට ඇති බවට චෝදනා කර තිබූ අතර, ඒ සම්බන්ධයෙන් එල්ල වූ දෝෂාරෝපණ ඉහළ යෑමත් සමගම පොලිස් පරීක්ෂණ ආරම්භ කොට තිබේ.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart