
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නොරොච්චෝලේ බලාගාරයේ මෙහෙයුම් ස්ථායීතාවය පිළිබඳව ලංකා විදුලිබල මණ්ඩලයට අනුයුක්ත ඉංජිනේරුවන් කනස්සල්ල පළකර තිබේ.
විශේෂයෙන්ම ජාතික විදුලිබල පද්ධතියේ වත්මන් අස්ථාවරත්වය සැලකිල්ලට ගෙන, විදුලි ජනක යන්ත්‍ර තුනම උපරිම ධාරිතාවට ක්‍රියාත්මක කළහොත් බලාගාරය තවත් වසාදැමීමකට මුහුණදීමට සිදු විය හැකි බවට ද ඔවුහු අනතුරු අඟවති.
මේ වනවිට එහි විදුලි ජනක යන්ත්‍ර දෙකක් ක්‍රියාත්මක වන අතර, තෙවැන්න සූදානමින් පවතින බැවින් බලාගාරය ප්‍රමාණවත් ලෙස ක්‍රියාත්මක වන බව ලංකා විදුලිබල මණ්ඩලය සහතික කර තිබේ.
කෙසේවෙතත්, විදුලි ඉංජිනේරුවන් අනතුරු අගවන්නේ, බලාගාරය දින 7 පුරා පැය 24 තුලම උපරිමව ක්‍රියාත්මක කිරීම එහි බිඳවැටීමකට හේතුවිය හැකි බවයි.
මෙය වාර්තා වන්නේ, ඉකුත් 09 වනදා නොරොච්චෝලේ බලාගාරයේ ඇතිවූ බිඳ වැටීමෙන් අනතුරුවය.
එහිදී බලාගාරය යලි ක්‍රියාත්මක කරවීමට දින හතරක ප්‍රමාදයක් ඇති වූ අතර, එය දිවයින පුරා විදුලිය ඇනහිටීමකට හේතු විය.
Sunday Morning කළ විමසීමකදී ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න පවසා ඇත්තේ, බලාගාරයේ ජනන යන්ත්‍ර දෙකක් මේ වන විට ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කර ඇති බවත්, විදුලි ඉල්ලුම ඉහළයෑමත් සමඟ තෙවැනි ජනක යන්ත්‍රය නැවත සම්බන්ධ කිරීමට නියමිත බවයි.
එසේවුවද, පද්ධතියේ වත්මන් අස්ථාවරත්වය සහ සියලුම ජනක යන්ත්‍ර එකවර ක්‍රියාත්මක කිරීමට සිදුවුවහොත් බලාගාරයේ අවදානම ගැන ඉංජිනේරුවෝ අනතුරු අගවති.
ලක්විජය බලාගාරය ලෙසින්ද හඳුන්වන නොරොච්චෝලේ බලාගාරය, ජාතික විදුලිබල පද්ධතියට අවම වශයෙන් මෙගාවොට් 900ක විදුලි බලයක් සපයන ශ්‍රී ලංකාවේ බලශක්ති යටිතල ව්‍යුහයේ තීරණාත්මක කොටසකි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart