
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තම දරුවන් සහ පාසල් අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ දරුවන් ඔවුන් සේවය කරන පාසල්වලට ඇතුළත් කරගැනීමට බලධාරීන් ඉඩ නුදුන්නොත් වර්ජනයකට යන බව ගුරුවරු පවසති.
වත්මන් ආණ්ඩුව බලයට පත් වූ පසු පාසල් ප්‍රතිසංස්කරණය කර සිසුන් බඳවා ගැනීම සීමාකිරීමේ ප්‍රතිපත්තිය යටතේ එම වරප්‍රසාදය ඉවත් කර ඇති බව ගුරු දරු එකමුතුව සංවිධානයේ කැඳවුම්කරු ඉන්දික අබේසිංහ පවසයි.
අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ සිදුකරන ස්ථාන මාරුවීම් හරහා පාසල්වලට පැමිණ සිටින අධ්‍යයන හා අනධ්‍යන කාර්ය මණ්ඩලයට වසර තුනක සේවා කාලයකින් පසු තම දරුවන් එම පාසලටම ඇතුළත් කිරීමේ වරප්‍රසාදය මීට පෙර හිමි වූ බව ඔහු පැවසීය.
එමෙන්ම ඔහු පෙන්වාදෙන්නේ, මෙම වසරේ ආරම්භයේ සිට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය, නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනෙවිරත්න, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව සමඟ සාකච්ඡා වට 14ක් පැවැත්වුවත් ඊට යහපත් ප්‍රතිචාරයක් හිමිනොවුණු බවයි.
සිය ඉල්ලීම් වෙනුවෙන් සහ තමන් සේවය කරන පාසල්වලට තම දරුවන්ට ඇතුළත්වීමට ඉඩ ලබාදෙමින් සාධාරණයක් ඉටුකරන ලෙස ඉල්ලමින් 200 ත් 300 ත් අතර පිරිසක් ඉකුත් දා විරෝධතාවයට එක්වූයේ මෙය ඔවුන්ගේ එකම වරප්‍රසාදය හේතුවෙන් බව ද ඔහු පවසයි.
මහජන සම්බන්ධතා අධ්යක්ෂ ජනරාල් බී.ගමගේ, ජනාධිපති අතිරේක ලේකම් කේ.එන්.එම්.කුමාරසිංහ, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රොෂාන් ගමගේ ඊට ධනාත්මක ප්‍රතිචාරයක් ලබාදෙන බවට වාචිකව පොරොන්දු වූ බවත්, එම ඉල්ලීම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් ඉන්දික අබේසිංහ ප්‍රකාශ කරයි.
2 සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කරගැනීමේ දැනට පවතින චක්‍රලේඛය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාට ඇතුළත් කර ගැනීමේ අභිමතය පරිදි ප්‍රයෝජනයට ගන්නා ලෙසද වෘත්තීය සමිති රජයෙන් ඉල්ලා සිටී.
මේ සම්බන්ධයෙන් ‘සන්ඩේ ටයිම්ස්’ වෙත අදහස් දක්වමින් අතිරේක ලේකම් රොෂාන් ගමගේ පවසා ඇත්තේ, ගුරුවරුන්ට ප්රතිලාභ ලබාදෙන සංශෝධිත, සාමාන්‍ය නිර්ණායක ඇතුළත් නව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව සහ මීළඟ කැබිනට් රැස්වීමේදී ප්‍රතිචාරයක් අපේක්ෂා කරන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart