
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ඉරානයට සහ එම සම්බාධක පනවා ඇති පාර්ශව සමඟ ගනුදෙනු කරන ආයතනවලට එරෙහිව පනවා ඇති සම්බාධක පිළිබඳ දැඩි අවධානයක් යොමුව ඇති පසුබිමක, ශ්‍රී ලංකාවට ආසන්නයෙන් නැංගුරම් ලා ඇති ඉරාන නෞකා සඳහා සැපයුම් හෝ වෙනත් පහසුකම් සැලසීමේ කිසිදු සූදානමක් රජයට නොමැති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය ‘ද සන්ඩේ මෝනිං’ පුවත්පතට පවසා ඇත. ඊට හේතුව එම නෞකා ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවෙන් (Territorial Sea) පිටත පිහිටා තිබීමයි.
විදේශ කටයුතු අමාත්‍යාංශයේ මහජන රාජ්‍යදූත අංශයේ අධ්‍යක්ෂ ජනරාල් තුෂාර රොඩ්‍රිගෝ පවසා ඇත්තේ, මෙම ඉරාන නෞකා දැනට ශ්‍රී ලංකාවේ සිට නාවික සැතපුම් 25 ක් පමණ දුරින් පිහිටා ඇති අතර, එම නිසා ඒවා මෙරට නාවික සැතපුම් 12 ක් වන මුහුදු සීමාවෙන් ඔබ්බෙහි පවතින බවයි.
“ඒවා ශ්‍රී ලංකා මුහුදු සීමාවේ නැහැ,” යනුවෙන් පවසන ඔහු, එම නෞකා සඳහා සැපයුම් හෝ පහසුකම් ලබාදීමේ කිසිදු සැලසුමක් රජයට නොමැති බව ද වැඩිදුරටත් පවසයි.
වොෂිංටනය විසින් ටෙහෙරානයට (ඉරානයට) එරෙහිව පනවා ඇති සම්බාධක ප්‍රචාරණය දැඩි කිරීමත් සමඟ ඉරානයට අයත් සහ ඉරානයට සම්බන්ධ තෙල් නැව් ශ්‍රී ලංකාව සහ ආසියාවේ සෙසු ප්‍රදේශ ආසන්න මුහුදේ අතරමං වී ඇති බවට පළවූ අන්තර්ජාතික වාර්තාවලට ප්‍රතිචාර දක්වමින් හෙතෙම මෙම අදහස් පළකර ඇත.
පසුගිය සතියේ ‘වෝල් ස්ට්‍රීට් ජර්නල්’ පුවත්පත වාර්තා කර තිබුණේ ඉරාන තෙල් නැව් 20 ක් පමණ ශ්‍රී ලංකාව සහ මැලේසියාව ආසන්නයේ අතරමං වී ඇති අතර, ඉන් කිහිපයකම ආහාර, ඉන්ධන සහ පිරිසිදු පානීය ජලය ඇතුළු අත්‍යවශ්‍ය සැපයුම් හිඟ වී ඇති බවයි. සම්බාධක පනවා ඇති මෙම නෞකාවලට සැපයුම් ලබාදීමෙන් දේශීය සමගම් වළක්වන ලෙස ඇමෙරිකානු නිලධාරීන් ශ්‍රී ලංකාවට බලපෑම් කර ඇති බවත්, එසේ නොවුණහොත් ද්විතීයික සම්බාධකවලට මුහුණ දීමට සිදුවනු ඇති බවත් එම පුවත්පත වැඩිදුරටත් වාර්තා කර තිබිණි.
කෙසේවෙතත්, ද්විතීයික සම්බාධක පිළිබඳ ඇමෙරිකානු ස්ථාවරය ශ්‍රී ලංකාවට පමණක් විශේෂයෙන් එල්ල වූවක් ලෙස ඇතැම් වාර්තා මගින් වැරදි මතයක් නිර්මාණය කර ඇති බව තුෂාර රොඩ්‍රිගෝ සඳහන් කරයි.
ඇමෙරිකානු සම්බාධක පාලන තන්ත්‍රය සහ සම්බාධක පනවා ඇති ඉරාන ආයතන සමඟ ගනුදෙනු කිරීමේදී ඇතිවිය හැකි ද්විතීයික සම්බාධක අවදානම ශ්‍රී ලංකාවට පමණක් අදාළ වන පියවරක් නොවන බව ඔහු අවධාරණය කළේය.
ඇමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව අගෝස්තු 24 වැනි දින ‘Operation Economic Outcast’ ආරම්භ කළ අතර, ඉරානය සමඟ යම් යම් ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යන පාර්ශවයන් සඳහා වන සම්බාධක අවදානම සැලකිය යුතු ලෙස පුළුල් කළේය. එමෙන්ම ටෙහෙරානය වෙනුවෙන් මුදල් විශුද්ධිකරණයට හෝ සම්බාධකවලින් මිදීමට පහසුකම් සපයන ආයතන ඇමෙරිකානු මූල්‍ය පද්ධතියෙන් ඉවත් කිරීමේ අවදානමක් පවතින බවට ද අවවාද කළේය.
ඇමෙරිකානු භාණ්ඩාගාරය විසින් ඉරානයේ නාවික සහ සම්බාධක මඟහැරීමේ ජාලයන් ද ඉලක්ක කර ඇති අතර, ඊට ඉරාන පෙට්‍රෝලියම් සහ සෙසු සම්බාධිත කටයුතුවලට සම්බන්ධ නැව්ගත කිරීමේ පහසුකම් සපයන්නන්, නෞකා තැරැව්කරුවන්, සේවා සැපයුම්කරුවන් සහ මූල්‍ය මැදිහත්කරුවන් ඇතුළත් වේ.
වොෂිංටනය බ්‍රහස්පතින්දා (1) ඉරානයට එරෙහි සම්බාධක තවදුරටත් පුළුල් කරමින්, එරට මෝටර් රථ සහ දුම්රිය ක්ෂේත්‍ර මෙන්ම විදේශීය සැපයුම්කරුවන් සහ පහසුකම් සපයන්නන් ද ඉලක්ක කළේය. මෙම පියවර ‘Operation Economic Outcast’ හි කොටසක් ලෙස ක්‍රියාත්මක වන බවත්, සම්බාධක ලක්වූ ඉරාන ආයතන සමඟ යම් යම් ව්‍යාපාරික කටයුතු සිදුකරන විදේශීය පාර්ශවයන් මුහුණ දෙන ද්විතීයික සම්බාධක අවදානම නැවත මතක් කර දෙන බවත් ඇමෙරිකානු භාණ්ඩාගාරය පැවසීය.
ඉරාන නෞකාවලට සැපයුම් ලබාදීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය සහ විදේශ කටයුතු අමාත්‍යාංශය අතර නිල සාකච්ඡා පවත්වා ඇති බවට පළවන වාර්තා ද තුෂාර රොඩ්‍රිගෝ ප්‍රතික්ෂේප කරයි.
කෙසේවෙතත්, ශ්‍රී ලංකාවට ආසන්න අන්තර්ජාතික මුහුදේ නාවික කටයුතුවල යෙදෙන ඉරාන නෞකා සම්බන්ධයෙන් ඇමෙරිකානු තානාපති කාර්යාලය විදේශ කටයුතු අමාත්‍යාංශය සමඟ සන්නිවේදනය කර ඇති බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මීට පෙර තහවුරු කර තිබිණි. ඒ, ඇමෙරිකාව නිල නාලිකා ඔස්සේ කොළඹට දැනුම් දී නොමැති බවට වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍යවරයා අගෝස්තු මාසයේදී ‘ද සන්ඩේ මෝනිං’ වෙත පැවසීමෙන් පසුවය.
සැප්තැම්බර් 8 වැනිදා පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අමාත්‍ය හේරත් කියාසිටියේ තානාපති කාර්යාලය විසින් මෙම නෞකාවල පැවැත්ම පිළිබඳව අමාත්‍යාංශය දැනුවත් කළ බවත්, ශ්‍රී ලංකා බලධාරීන් ඒ පිළිබඳව දැනුවත්ව සිටින්නේ ද සහ ඒවා නිරීක්ෂණය කරන්නේ ද යන්න පිළිබඳව විමසා සිටි බවත්ය. පසුව ආරක්ෂක හා වරාය අමාත්‍යාංශ මේ පිළිබඳව දැනුවත් කර නෞකා නිරීක්ෂණයට ලක්කර ඇති බව ද ඔහු පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart