
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා අරමුදල් හිඟයක් නොමැති බවත්, පාර්ලිමේන්තුව හරහා පවතින නීතිමය බාධා ඉවත් කර ගැනීමෙන් පසුව ඕනෑම අවස්ථාවක පළාත් සභා ඡන්දය පැවැත්වීමට රජය සූදානම් බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ඊයේ (27) ප්‍රකාශ කළේය.
කැබිනට් තීරණ දැනුම්දීම සඳහා පැවැති සතිපතා ජනමාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, අරමුදල් සම්බන්ධයෙන් යම් ගැටලුවක් මතුවුවහොත් අතිරේක ඇස්තමේන්තුවක් මගින් වුවද ඒ සඳහා මුදල් අනුමත කරගත හැකි බවයි.
පළාත් සභා මැතිවරණය සඳහා වෙන් කර තිබූ මුදල් දිස්ත්‍රික් සහන කටයුතු සඳහා යොදවා ඇති බවට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා කර තිබූ ප්‍රකාශයක් පිළිබඳව ජනමාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියාසිටියේ, මැතිවරණයට මුදල් හිඟයක් නොමැති බවත්, ටිල්වින් සිල්වා එමගින් වෙනත් දෙයක් අදහස් කරන්නට ඇති බවත්ය.
“රජයේ ඉලක්කය තමයි හැකි ඉක්මනින් පළාත් සභා මැතිවරණය පවත්වන එක. ජාතික ජන බලවේගය රජය මාස අටක් ඇතුළත මැතිවරණ තුනක් පවත්වා තිබෙනවා. ඒ නිසා මුදල් පිළිබඳ කිසිදු ප්‍රශ්නයක් නැහැ. අවශ්‍ය නම් අතිරේක ඇස්තමේන්තුවක් හරහා වුණත් අපිට ප්‍රතිපාදන අනුමත කරගන්න පුළුවන්. දැනට තිබෙන එකම ගැටලුව නීතිමය බාධාවන් පමණයි. පාර්ලිමේන්තුවට පුළුවන් නම් ඒ නීතිමය බාධා ඉවත් කරන්න, අපිට මැතිවරණය පවත්වන්න පුළුවන්,” යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart