
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කිසිදු ඖෂධයක් ගුණාත්මක තත්ත්වයෙන් බාල යැයි තක්සේරු කිරීමට නිල නිර්වචනයක් නොමැති බවට සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල පසුගිය දා සිදුකළ ප්‍රකාශය ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය හෙළාදැක තිබේ.
වගකීම් විරහිත ප්‍රකාශයක් බැවින් එය කිසිසේත් අනුමත කළ නොහැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති වෛද්‍ය වින්‍යා ආරියරත්න පවසයි.
“ඖෂධවල ප්‍රමිතිය වැනි තීරණාත්මක කාරණයක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයකුගෙන් මෙවැනි ප්‍රකාශයක් බලාපොරොත්තු විය නොහැක. ඔහු මේ සම්බන්ධයෙන් ගැඹුරු අධ්‍යයනයක් කළ යුතුව තිබුණා” ඔහු අවධාරණය කරයි.
ඖෂධවල ප්‍රමිතිය තහවුරු කිරීමේ ක්‍රියාවලියක් තිබිය යුතු නමුත් ඖෂධ ඇගයීමේ ක්‍රියාවලිය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක නොවන බව සැළකිය යුතු කරුණක් වන බවත්, ඒ සඳහා ඖෂධ නියාමන අධිකාරියට දොස් පැවරිය යුතු බවත් වෛද්‍ය ආරියරත්න සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart