
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වික්ටෝරියා වේල්ලේ ඉරිතැලීම් සහ කම්පන හේතුවෙන් ජල කාන්දුවක් සිදුවන බවට පළවන වාර්තා අසත්‍ය බව රාජ්‍ය ඇමැති ශෂේන්ද්‍ර රාජපක්ෂ අද (07) පාර්ලිමේන්තුවේදී පැවැසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර ඇසූ වාචික ප්‍රශ්නයකට සභාවේදී පිළිතුරු දුන් රාජ්‍ය ඇමැතිවරයා කියා සිටියේ, වේල්ලේ කිසිදු ඉරිතැලීමක් සිදුවී නොමැති බවත්, ඒ නිසා ජලය කාන්දු නොවන බවත්, පරීක්ෂණවලින් තහවුරු වී ඇති බවයි.
මේ අතර, ජල විදුලිය නිපදවීම සම්බන්ධයෙන් තීරණ ගන්නා කමිටුවේ සිටින ලංකා විදුලිබල මණ්ඩලයේ අධ්යක්ෂවරයෙක් සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බවට පාර්ලිමේන්තු මන්ත්‍රී යාපා බණ්ඩාර චෝදනා කළේය.
ඊට පිළිතුරු ලබාදෙමින් රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කරන ලද්දේ, මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බවත්, එකී ඉංජිනේරුවරයාගේ පාර්ශවයෙන් ලැදියාවන් අතර ගැටුමක් ඇති වී ඇත්නම් නිසි ක්‍රියාමාර්ග ගන්නා බවත්ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart