
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රට තුළ ඉඩකඩ පවතින බැවින් විලාසිතා නිර්මාණකරණයට අදාළ අවස්ථා වැඩිදියුණු කිරීම කෙරෙහි ශ්‍රී ලංකාව අවධානය යොමු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවැසීය.
ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය ඉදිරියට ගෙනයෑමට නම් විලාසිතා දැක්මක්(Fashion Show) පැවැත්විය යුතු බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
සංචාරකයන්ගේ පැමිණීම් වැඩිකිරීමට අවශ්‍ය නම් ඒ වෙනුවට ටී ෂර්ට්, පිහිනුම් කොට කලිසම් හෝ සරම් හෝ නිර්මාණය කර ඔවුන්ට ලබාදීමට ශ්‍රී ලංකාවට හැකි විය යුතු බව ද ජනාධිපතිවරාය වැඩිදුරටත් සඳහන් කළේය.
මෙරට විලාසිතා නිර්මාණ ක්ෂේත්‍රයේ විෂය පථය පිළිබඳ විශ්වාසය පළ කළ ජනාධිපතිවරයා, ඇඟලුම් ක්ෂේත්‍රය මේ වන විට ප්‍රගතියක් ලබා ඇති ආකාරය දකින විට, විලාසිතා නිර්මාණ ක්ෂේත්‍රය වැඩිදියුණු කිරීමට දැන් කාලය එළඹ ඇති බව ප්‍රකාශ කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව ප්‍රකාශ කළේ, 2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයෙන් ප්‍රථම ස්ථානය ලබා, දැනට රාජ්‍ය විශ්වවිද්‍යාලයක විලාසිතා නිර්මාණ පාඨමාලාවක් හදාරමින් සිටින සිසුවෙක් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
ඊයේ (සැප්තැම්බර් 12) ජනාධිපති කාර්යාලයේ පැවති උත්සවයකදී මෙම සිසුවා, ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය තුළ විලාසිතා නිර්මාණකරණය සඳහා අවස්ථාව නොමැතිකම පිළිබඳව කනස්සල්ල පළකළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart