
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඖෂධ වර්ග 150කගේ පමණ තොග දැනට වෛද්‍ය සැපයුම් අංශයේ නොමැති බවත් ඉන් 50ක් පමණ ජාතික වශයෙන් හිඟ බවත් වෛද්‍ය සැපයුම් අංශ සංඛ්‍යාලේඛනවලින් පෙනීගොස් තිබේ.
වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය ගරුසිංහ විජේසූරිය පවසන්නේ ඇතැම් ඖෂධ හිඟයක් පැවතුණද, රෝගී සත්කාර සේවා සඳහා කිසිදු බාධාවක් නොමැති බවයි.
“හිඟය පවතින අයිතම සඳහා අවශ්‍ය ආදේශක අප සතුව තිබෙනවා. උදාහරණයක් ලෙස, එක් ඖෂධයක මිලිග්‍රෑම් 500 මාත්‍රාව නොමැති නම්, අප සතුව එම ඖෂධයේ මිලිග්‍රෑම් 250 තොග තිබෙනවා,” යනුවෙන් ඔහු පෙන්වාදෙයි.
තවද, සෞඛ්‍ය සේවාවලට කිසිදු බාධාවක් නොවන බව සහතික කිරීම සඳහා රට පුරා රෝහල්වලට රෝහල් මට්ටමින් ඖෂධ මිලදී ගැනීමට බලය ලබා දී ඇති බව වෛද්‍ය විජේසූරිය සඳහන් කරයි.
දැනට වෛද්‍ය සැපයුම් අංශයේ තොග නොමැති ඖෂධ අත්‍යවශ්‍ය ඖෂධ නොවන බව ඔහු අවධාරණය කර තිබේ.
කෙසේවෙතත්, අත්‍යවශ්‍ය ඖෂධ හා අත්‍යවශ්‍ය නොවන ඖෂධ පිළිබඳ මෙම මතයට වෛද්‍ය රසායනාගාර විද්‍යා සංගමයේ සභාපති රවී කුමුදේශ් අභියෝග කරයි.
ශ්‍රී ලංකාව විසින් සපයනු ලබන සෞඛ්‍ය සේවා සේවාව මරණ වැළැක්වීම පමණක් අරමුණු කරගත් එකක් නොවන බවත්, සෞඛ්‍යය යනු සම්පූර්ණ ශාරීරික, මානසික සහ සමාජීය යහපැවැත්මක් බවත් ඔහු සඳහන් කරයි.
“ඖෂධ හිඟයක් ඇති බවට වාර්තා නැතත් රෝගීන්ට දිනපතා දැනුම් දෙන්නේ ඔවුන්ගේ ඖෂධවල අඩුවක් තියෙනවා කියලා.” යනුවෙන් ඔහු සඳහන් කරයි.
මෙම හිඟය ඖෂධ සම්බන්ධයෙන් පමණක් නොව පිරිසිදු කාරක සම්බන්ධයෙන් ද ඇති බව ඔහු තවදුරටත් පවසයි.
සෞඛ්‍ය සේවා ක්ෂේත්රයේ ප්‍රධාන වශයෙන් රසායනික විෂබීජ නාශකයක් ලෙස භාවිත කරන කාබනික රසායනික සංයෝගයක් වන පෙරසිටික් අම්ලය රට තුළ කොතැනකවත් නොමැති බව ස්වස්තා දත්ත පද්ධතියේ සටහන් වී තිබේ.
එන්සයිම පිරිසිදු කිරීමේ ද්‍රාවණය, ග්ලූටරල්ඩිහයිඩ් (EM ශ්‍රේණිය) සහ විෂබීජහරණ ද්‍රාවණය (5% පෙරසිටික් අම්ලය, 22% හයිඩ්රජන් පෙරොක්සයිඩ් සහ 9% ඇසිටික් අම්ලය අඩංගු) වැනි පිරිසිදු කිරීමේ ද්‍රාවණවල තොග ජාතික වශයෙන් නොමැති බව ස්වස්තා වාර්තා කර ඇත.
( The Sunday Morning)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart