
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට ලබා දී ඇති දීමනා කප්පාදු කිරීමේ කිසිදු අදහසක් රජයට නොමැති බව ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා පවසයි.
“ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට ලබා දී ඇති අයිතිවාසිකම් කප්පාදු කිරීමේ රජයේ අරමුණක් පිළිබඳ මාධ්‍යවල අසත්‍ය කටකතා පැතිර යන බව මට දැනගන්නට ලැබුණා. කෙසේවෙතත්, කිසිදු අවස්ථාවක ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට ලබා දී ඇති හිමිකම් කප්පාදු කිරීමට වත්මන් රජයට කිසිදු අදහසක් නොමැති බව මම තරයේ ප්‍රකාශ කරනවා,” ඔහු පැවසීය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ සිය මංගල සංචාරයේදී ගුවන් හමුදා සාමාජිකයන් අමතමිනි.
ආරක්‍ෂක ලේකම්වරයා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්‍ෂ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග ගුවන් හමුදා මූලස්ථානයේ අංශ කිහිපයක නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart