
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාව 2027 වසරේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වත්මන් වැඩසටහනෙන් ඉවත් වනවා ද නැතහොත් එම වැඩසටහන තවදුරටත් ඉදිරියට ගෙන යනවාද නැද්ද යන්න පිළිබඳව රජය මෙතෙක් අවසන් තීරණයකට පැමිණ නොමැති බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසීය.
ඒ පිළිබඳ තීරණය එළඹෙන කාල සීමාවේ පවතින ගෝලීය ආර්ථික තත්ත්වය සහ ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වයන් සමාලෝචනය කිරීමෙන් අනතුරුව ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
කැබිනට් තීරණ දැනුම්දීමේ ජනමාධ්‍ය හමුවේදී නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම යටතේ ලැබීමට නියමිත 7 වැනි සහ 8 වැනි වාරික ශ්‍රී ලංකාවට හිමිවනු ඇති බවට විශ්වාසය පළ කරන බවයි.
එම වැඩසටහන යටතේ ලබාදුන් ඉලක්ක රැසක් ශ්‍රී ලංකාව මේ වන විටත් සපුරා ඇති අතර, සෙසු ඉලක්කයන් සපුරාලීම සඳහා මේ වන විටත් කටයුතු කරමින් සිටින බවද ඔහු පැවසීය. ඉතිරි ඉලක්කයන් සපුරා ගැනීම සඳහා තවත් මාස කිහිපයක කාලයක් ඇතැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart