
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනයකට අනුව, ඓතිහාසික පැරණි බෝගම්බර බන්ධනාගාරය යළිත් බන්ධනාගාරයක් ලෙස ස්ථාපිත කර ඇති අතර, එහි ප්‍රතිසංස්කරණ කටයුතු වලින් පසු නව සිරකරුවන් 75 ක් මෑතකදී එම පරිශ්‍රය වෙත යවා තිබේ.
මෙම සිරකරුවන් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් සහ මැගසින් බන්ධනාගාරයෙන් මාරුකර යවා ඇති අතර, ඔවුන් සඳහා අවශ්‍ය ආහාරපාන දුම්බර – පල්ලෙකැලේ බන්ධනාගාරය මඟින් සපයනු ලබයි.
1876 වසරේ ඉදිකරන ලද බෝගම්බර බන්ධනාගාරය මහනුවර නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ 2014 වසරේදී වසාදැමූ අතර එහි සිටි සිරකරුවන් දුම්බර-පල්ලෙකැලේ බන්ධනාගාරයට මාරුකර යවන ලදී.
පසුව නගර සංවර්ධන අමාත්‍යාංශය යටතේ මෙම භූමිය සංවර්ධනය කිරීමට විවිධ සැලසුම් සකස් කර තිබිණි.
කෙසේවෙතත්, මීගමුව බන්ධනාගාරයේ ඇති වූ සිදුවීමෙන් පසු සිරකරුවන් වෙනත් බන්ධනාගාර වෙත මාරුකිරීමේදී මතුවූ ඉඩකඩ මදීවීමේ ගැටලු සැලකිල්ලට ගනිමින්, රජයේ අවධානය මෙම පැරණි බෝගම්බර බන්ධනාගාරය වෙත යොමුවිය.
ඒ අනුව, යළි බන්ධනාගාර පහසුකමක් ලෙස බෝගම්බර බන්ධනාගාරය ක්‍රියාත්මක කිරීමට යොමු වූ අතර, මේ වන විට එහි කාමර 94 ක් ප්‍රතිසංස්කරණය කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart