
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පොලිස්පති ධුරය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති කථානායක මහින්ද යාපා අබේවර්ධන සහ අගවිනිසුරු ජනාධිපති නීතීඥ ජයන්ත ජයසූරිය අතර සාකච්ඡාවක් ළඟදීම සිදු නොවනු ඇති බව වාර්තා වේ.
ඊට හේතුව කථානායක මහින්ද යාපා අබේවර්ධන දැනට විදේශගතව සිටීමය.
පොලිස්පතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් දේශබන්දු තෙන්නකෝන්ට ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් අතුරු තහනමෙන් පසු පොලිස්පති ධුරය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳ සාකච්ඡා කර විසඳුම් ලබා දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජුලි 28 වැනිදා කථානායකවරයාගෙන් සහ අගවිනිසුරුවරයාගෙන් ඉල්ලා සිටියේය.
එවැනි සාකච්ඡාවක් සිදුවන්නේ දැයි ජනමාධ්‍ය කළ විමසීමකදී කථානායක මාධ්‍ය ලේකම් ඉඳුනිල් යාපා අබේවර්ධන ප්‍රකාශ කර ඇත්තේ කථානායක අබේවර්ධන දැනට විදේශගතව සිටින බැවින් මෙතෙක් කිසිවක් සැලසුම් කර නොමැති බවයි.
“ජනාධිපතිතුමා මේ ප්‍රකාශය කළේ ජූලි 28 වැනිදා. කථානායකවරයා විදේශ සංචාරයක් සඳහා එදිනම දිවයිනෙන් පිටත්ව ගියා. ඒ නිසා සාකච්ඡාවක් ගැන කිසිම දෙයක් සැලසුම් කරන්න වෙලාවක් තිබුණේ නැහැ.” යනුවෙන් ඔහු ප්‍රකාශ කර තිබේ.
දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස පත් කිරීම සහ ඊට අදාළව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් සිදුකළ අනුමත කිරීම අභියෝගයට ලක් කරමින් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ තරුණ මාධ්‍යවේදීන්ගේ සංගමය ඇතුළු පාර්ශ්ව කිහිපයක් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් නවයක් විභාග කිරීමට අවසර ලබාදෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා මෙම අතුරු තහනම නිකුත් කළේය.
හෝමාගම පැවති ජන රැලියක් අමතමින් ජනාධිපති වික්‍රමසිංහ කියා සිටියේ සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය පැවැත්වීමට පොලිස්පතිවරයකු සිටීම අත්‍යවශ්‍ය බැවින් ඡන්දය නියමිත වේලාවට පැවැත්වීම සහතික කිරීම සඳහා කථානායකවරයා සහ අගවිනිසුරුවරයා සාකච්ඡා කර ගැටලුව විසඳා ගත යුතු බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart