
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව සතුව වාහන ගනුදෙනුවලට අදාළ ඇතැම් තොරතුරු නොමැති බවත්, රෙජිස්ට්රාර් ජනරාල් දෙපාර්තමේන්තුව සතුව මෙරට ඉඩම් සම්බන්ධ ඇතැම් තොරතුරු නොමැති බවත් පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.
රැමිස් (RAMIS) පද්ධතිය සමග මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව සහ රෙජිස්ට්රාර් ජනරාල් දෙපාර්තමේන්තුව සම්බන්ධකිරීමේ ප්රගතිය පිළිබඳව ජාතික ආර්ථිකය හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී විමසා බැලීම සිදුවූ අවස්ථාවේදී මෙම තොරතුරු අනාවරණය විය.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මගින් ක්රියාත්මක කරන රැමිස් (RAMIS) දත්ත පද්ධතිය හා සම්බන්ධවීමට මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවට සහ ඉඩම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට පවතින ගැටලු පිළිබඳ සාකච්ඡා කොට එම කටයුත්ත ඉක්මන් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මෙම රැස්වීම පැවැත්වීම සිදු විය.
මෙහිදී මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පැමිණි නිලධාරීන් අමතමින් පාර්ලිමේන්තු මන්ත්රී මහින්දානන්ද අලුත්ගමගේ සඳහන් කළේ, මෙරට විශාල වශයෙන් සුඛෝපබෝගී වාහන අලෙවි වීම සිදුවන බවත් මේ පිළිබඳ තොරතුරු මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව සතුව නොමැති බවත්ය.
එසේම වාහන හිමිකාරීන්ගේ ජාතික හැදුනුම්පත් අංක දෙපාර්තමේන්තුව සතු විය යුතු බවත් හෙතෙම පෙන්වාදුන්නේය.
මේ අනුව මෙම සියලු තොරතුරු රැමිස් පද්ධතිය හා සම්බන්ධ කිරීම සිදු විය යුතු බවත් අලුත්ගමගේ වැඩිදුරටත් සඳහන් කළේය.
මෙහිදී පැමිණ සිටි නිලධාරීන් සඳහන් කළේ මාසයක් ඇතුළත රැමිස් (RAMIS) පද්ධතිය සමග මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව සම්බන්ධ කිරීමේ කටයුතු අවසන් කළ හැකි බවයි.
එසේම අලුතින් ලියාපදිංචි කරන වාහනවල හිමිකරුවන්ගේ ජාතික හැදුනුම්පත් අංකයද ලබාගැනීමට මේ වන විට කටයුතු සිදුකරමින් පවතින බවද එම නිලධාරීහු සඳහන් කළහ.
එසේම රෙජිස්ට්රාර් ජනරාල් දෙපාර්තමේන්තුව රැමිස් (RAMIS) පද්ධතිය හා සම්බන්ධකිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා වූ අතර මෙරට විශාල වටිනාකම් සහිත ඉඩම් අලෙවි වීම සිදුවන බවත්, මේ පිළිබඳ තොරතුරු රෙජිස්ට්රාර් ජනරාල් දෙපාර්තමේන්තුව සතු නොවන බවත් පාර්ලිමේන්තු මන්ත්රී මහින්දානන්ද අලුත්ගමගේ පෙන්වාදුන්නේය.
එසේම ඉඩම් හිමියන්ගේ ජාතික හැඳුනුම්පත් අංක ලබාගැනීම සම්බන්ධයෙන් ගෙන ඇති කටයුතු පිළිබඳවද මෙහිදී කාරක සභාව විමසා සිටීම සිදුවිය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart