
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අන්තර්ජාලය ඔස්සේ මෙරට කෙරෙන ගණිකා වෘත්තිය ඉහළ යමින් පවතින බවට ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන චෝදනා කළද මේ වසරේ ශ්‍රී ලංකාවේ අන්තර්ජාල ගණිකා වෘත්තිය සම්බන්ධයෙන් පැමිණිලි කිසිවක් ලැබී නොමැති බව පොලිසිය පවසයි.
ළමා හා කාන්තා අපයෝජන විමර්ශන සහ නිවාරණ කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර පවසන පරිදි, ඔවුන්ට ඇති සීමිත සම්පත් සහ වත්මන් නීතිමය රාමුව හේතුවෙන් එම කොට්ඨාසය ක්‍රියාමාර්ග ගනු ලබන්නේ පැමිණිලි මත පදනම්වය.
ජයසුන්දර පැහැදිළි කරන්නේ බලධාරීන්ට අන්තර්ජාලය හරහා ගණිකා දැන්වීම් සම්බන්ධයෙන් ක්‍රියා කළ හැක්කේ විධිමත් පැමිණිල්ලක් ඉදිරිපත් කළහොත් පමණක් බවයි.
පැමිණිලි ලැබීමෙන් පසු විමර්ශන ආරම්භ කරන අතර වෙබ් අඩවි නිරීක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය වැනි අදාළ ආයතනවලින් සහාය ඉල්ලා සිටින බව ද ඇය පැහැදිලි කළාය.
කෙසේවෙතත්, විධිමත් පැමිණිල්ලක් අවශ්‍ය නොවී නීතිය ක්‍රියාත්මක කිරීමට ඉඩ සැලසෙන පරිදි නීති ප්‍රතිසංස්කරණයන් සිදු කරන ලෙසද ඇය ඉල්ලා සිටියාය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ කාන්තා පොලිස් අධිකාරී H.W.I.S. මුතුමාල පැවසුවේ අන්තර්ජාලය හරහා ගණිකා වෘත්තියට සම්බන්ධ ඕනෑම තොරතුරක් විමර්ශන ආරම්භ කිරීමට පෙර විධිමත් පැමිණිල්ලක් බවට පත් කළ යුතු බවයි.
එක්රැස් කරන ලද තොරතුරු මත පමණක් සෘජුව ක්‍රියා කිරීම පවතින නීති මගින් වළක්වන බව ඇය පෙන්වා දුන්නාය.
කෙසේවෙතත්, නියෝජ්‍ය පොලිස්පති ජයසුන්දර සහ කාන්තා පොලිස් අධිකාරී මුතුමාල යන දෙදෙනාම අවධාරණය කළේ අන්තර්ජාලය හරහා ගණිකා වෘත්තියේ යෙදෙන සිද්ධීන් වාර්තා වන්නේ කලාතුරකින් බවයි.
රාජ්‍ය නොවන සංවිධාන ජාතික කාන්තා එකමුතුව උපුටා දක්වන වාර්තාවලට අනුව, රැකියා අවස්ථා නොමැතිකම සහ ආර්ථික අස්ථාවරත්වය හේතුවෙන් 2022 සිට ගෘහණියන් 40,000කට ආසන්න පිරිසක් මෙම මංමුලා සහගත ක්‍රියාමාර්ගයට යොමු වී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart