
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ අධිනීතිඥයන් සිටිය නොහැකි බවත් එලෙස සිටින්නේ නම් එය ව්‍යාජ හැඳින්වීමක් බවත් අධිකරණ ඇමැති හර්ෂණ නානායක්කාර අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා අවස්ථා ගණනාවකදී අධිනීතිඥ අජිත් පී. පෙරේරා ලෙස හඳුන්වා ඇති ලේඛන ගණනාවක් ද ඇමැතිවරයා සභා ගත කරමින් සිය කතාවේ දී සඳහන් කළේ තමා සිදු කරන කරුණු දැක්වීමට පිළිතුරු දීම සඳහා එම මන්ත්‍රීවරයාට අවස්ථාව ඇති බවයි.
වෙනත් අයට චෝදනා කිරීමේ දී තමා අවට පරිසරය පිළිබඳව ද අවධානය යොමු කරන ලෙස ඔහු සියලු දෙනාගෙන් ඉල්ලා සිටියේය.
1973 වසරේ සිට මෙරට සිටින්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරුන් පමණක් බව ඇමැතිවරයා පෙන්වා දුන්නේය.
එබැවින් එම වසරෙන් පසු කිසිදු අධිනීදීඥයකු මෙරට සිටිය නොහැකි බවත් නීතිපති දෙපාර්තමේන්තුවට පමණක් එම තත්ත්වය වෙනස් වන බවත් ඇමැතිවරයා පෙන්වා දුන්නේය.
ඔහු සඳහන් කළේ එහි සිටින ඇතැම් නිලධාරීන්ගේ තනතුරු සිංහලෙන් හැඳින්වීමේ දී අධිනීතීඥ ලෙස හැඳින්වීම සිදුකරන බවයි.
මන්ත්‍රී අජිත් පී.පෙරේරා හැඳින්වූ බොහෝ අවස්ථාවල අධිනීතීඥ ලෙස හඳුන්වා ඇති අතර ඔහු එලෙස අධිනීතිඥ ලෙස හැඳින්වීමට නම් 1973 වසරට පෙර අදාළ විභාගය සිදුකර තිබිය යුතු බවත් ඇමැතිවරයා පෙන්වා දුන්නේය.
එහෙත් ඒ වනවිට එම මන්ත්‍රීවරයාගේ වයස අවුරුදු පහක් පමණ වන්නට ඇති නිසා විභාගය සිදු නොකරන්නට ඇතැයි විශ්වාස කරන බව ඇමැතිවරයා සඳහන් කළේය.
දැනට භාවිතයේ නොමැති තනතුරක් භාවිත කිරීම ද වංචාවක් බව පෙන්වා දුන් ඇමැතිවරයා එංගලන්තයේ බැරිස්ටර් විභාගය සිදු කළ අයකුට වුවද එය භාවිත කළ හැක්කේ අදාළ රටේදී පමණක් වන අතර එය ශ්‍රී ලංකාවට වලංගු නොවන බවද අවධාරණය කළේය.
ඒ අනුව ඇමැතිවරයා මන්ත්‍රී අජිත් පී.පෙරේරාට අභියෝග කර සිටියේ අදාළ විභාගය සිදුකර ඇත්නම් ඊට අදාළ සහතිකය ඉදිරිපත් කරන ලෙසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart