
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අධික මිලට ඖෂධ අලෙවි කරන කොළඹ ප්රමුඛ පෙළේ පෞද්ගලික රෝහල් සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරිය පරීක්ෂණයක් ආරම්භ කිරීමට සූදානම් වන බව වාර්තා වේ.
කොළඹ පෞද්ගලික රෝහල් කිහිපයකම, බහුලව භාවිත වන ඇතැම් ඖෂධ සඳහා ඒවායේ උපරිම සිල්ලර මිල මෙන් තුන් ගුණයක් අයකිරීම සම්බන්ධයෙන් මහජනතාවගෙන් පැමිණිලි රැසක් ලැබී ඇති බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි.
2023 ජූනි 15 දින සිට ක්‍රියාත්මක වන පරිදි උපරිම සිල්ලර මිල 16% කින් අඩු කර ඇති අත්‍යවශ්‍ය සහ බහුලව භාවිත වන ඖෂධ 60 ක ලැයිස්තුවක් කැබිනට් අනුමැතිය සහිතව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රසිද්ධියට පත් කරන ලදී.
මහජනතාවගෙන් ලැබුණු පැමිණිලි සහ රෝහල් බිල්පත් පිටපත් සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශනවලින් එම චෝදනා ඔප්පු වී ඇති බවක් පෙනෙන්නට තිබෙන බවත් ළඟදීම එම රෝහල් පිළිබඳ පරීක්ෂණ ආරම්භ කරන බවත් අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart