
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) ස්ටාර්ලින්ක් (Starlink) හි සැටලයිට් බ්‍රෝඩ්බෑන්ඩ් සේවාවන් ශ්‍රී ලංකාව තුළ සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමට සූදානම් වන බව එම කොමිසමේ සභාපති වරුණ ශ්‍රී ධනපාල පවසයි.
ඒ, එම කොමිසම සහ ආරක්ෂක අමාත්‍යාංශය විසින් Starlink පිළිබඳ සතියක කාලයක් සිදුකරන අධීක්ෂණ මෙහෙයුම්වලින් අනතුරුවය.
“මේ වන විට, Starlink විසින් තාක්ෂණික උපාංග කට්ටල 112ක් එවා ඇති අතර, ඉන් පළමු 12 දැනට ඔවුන්ගේ ගනුදෙනුකරුවන් අතර බෙදාහරිනවා. අධීක්ෂණ සතිය අවසන් වූ පසු, ශ්‍රී ලංකාවේ Starlink හි මෙහෙයුම් තවදුරටත් පහසු කිරීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පියවර ගන්නවා.” යනුවෙන් වරුණ ශ්‍රී ධනපාල රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිල මෙටා පිටුවේ පළකර ඇති වීඩියෝවක් මගින් පවසයි.
එම වීඩියෝව මගින් ඔහු පවසන පරිදි තාක්ෂණික උපාංග කට්ටල බෙදාහැරීමෙන් පසු, තාක්ෂණික සහ ආරක්ෂිත අඛණ්ඩතාවෙන් යුතුව එම සේවාව සපයන්නේ දැයි විදුලි නියාමන කොමිෂන් සභාව සහ ආරක්ෂක අමාත්‍යාංශය විසින් අධීක්ෂණය කළ යුතුය.
එහිදී අධීක්ෂණය කරන්නේ තාක්ෂණය, ආරක්ෂාව සහ පාරිභෝගික සේවාව නිවැරදි ආකාරයෙන් ලබාදෙන්නේ ද යන්නයි.
ඉන්දියාවේ ටෙලිකොම් දෙපාර්තමේන්තුව ද ජුනි 6 වන දින Starlink වෙත බලපත්‍රයක් නිකුත් කර තිබිණි.
එහි ඉල්ලුම්පත්‍රය ඉදිරිපත් කිරීමෙන් පසු දින 15-20ක් ඇතුළත එහි වෙන් කළ අත්හදාබැලීමේ වර්ණාවලිය ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart