
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොළඹ – මහනුවර මහා මාර්ගය ඔස්සේ පෙරේදා (27) රාත්‍රි කාලයේ වීදි සංචාරය කළ පෙරහරක අලියකු පිට නැග ගමන් කරමින් සිටි නිලමේවරයකු ලෙස සැරසුණු පුද්ගලයකු නිට්ටඹුව හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය ආසන්නයේදී අලියාගේ පිට මතින් බිමට ඇදවැටී තුවාල ලබා රෝහල් ගත කළ බව නිට්ටඹුව මූලස්ථාන පොලිසිය පවසයි.
වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කෙරුණු තුවාලකරුගේ එක් අතක් බිඳීගොස් ඇති බවද වාර්තා වේ.
පෙරහරේ අලි ඇතුන් දොළොස්දෙනකු පමණ ගමන් කර ඇති අතර, නිට්ටඹුව නගරයේ ව්‍යාපාරිකයන් ඇතුළු දොළොස්දෙනකු නිලමේ ඇදුම්වලින් සැරසී එම අලි ඇතුන්ගේ පිට මතට නැග නිලමේවරුන් ලෙස පෙරහරේ ගමන් කර ඇති බවට හෙළිවී ඇතැයි පොලිසිය සඳහන් කරයි.
එසේ ගමන් කරමින් සිටි පිරිස අතුරින් එක් අයකු, ඔහු ගමන් කරමින් සිටි අලියාගේ පිටමතින් හිටි හැටියේ මහා මාර්ගය මතට ඇද වැටී මෙසේ තුවාල ලබා ඇති බවද පොලිසිය පවසයි.
බිම ඇද වැටුණු පුද්ගලයා ගිලන් රථයකින් වහා රෝහල් ගත කර ඇති අතර, පෙරහර එතැන් සිට බාධාවකින් තොරව වීදි සංචාරය කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart