
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජපාන රජයේ ආරාධනයකට අනුව ජපානයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක අද (30) පෙරවරුවේ ටෝකියෝ හි ඉම්පීරියල් හෝටලයේදී නිපොන් පදනමේ ආරම්භක සභාපති යොහෙයි සසකාවා (Yohei Sasakawa) හමුවී සාකච්ඡාවක නිරත විය.
ජපානය සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගු කාලීන මිත්‍රත්වය තව දුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමුවිය.
ශ්‍රී ලංකාව තුළ සියලු ප්රජාවන්ගේ ජීවනෝපායන් නඟා සිටුවීම සඳහා අඛණ්ඩව සහයෝගය ලබාදෙන බව යොහෙයි සසකාවා (Yohei Sasakawa) මෙහිදී ජනාධිපතිවරයා හමුවේ ප්‍රකාශ කළේය.
එසේම උතුර සහ නැගෙනහිර පළාත්වල පාසල් 100 ක් නවීකරණය කිරීම සඳහා වන ඉදිරි සැලසුම් ද ඔහු විසින් ඉදිරිපත් කරන ලදී.
ශ්‍රී ලාංකික ජනතාවගේ සංවර්ධනය සහ යහපැවැත්ම නගා සිටුවීමට දරන උත්සාහය සහ ශ්‍රී ලංකාව තුළ සමාජ සේවය වෙනුවෙන් වන දිගු කාලීන කැපවීම පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී යොහෙයි සසකාවා (Yohei Sasakawa) මහතා වෙත සිය කෘතඥතාව පළකර සිටියේය.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ. (PMD)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart