June 20, 2026

තලවතුගොඩ ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාස නවයක් වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය විසින් වටළා ඇති බව වාර්තා වේ.

ජනමාධ්‍ය වාර්තාවලට අනුව, මෙම වැටළීමේදී කාන්තාවන් 34 දෙනකු ඇතුළු පුද්ගලයන් 43 දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් සිදුකෙරෙන නීතිවිරෝධී ජාවාරම් ඉලක්ක කරගනිමින් මෙම වැටළීම් සිදුකර තිබේ.