
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ සමස්ත ලකුණු ප්‍රමාණය මින් ඉදිරියට එම විභාගයේ ප්රශ්නපත්රවලින් පමණක් ලබාගත නොහැකි බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත ඊයේ (16දා) පැවැසීය.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2025 වර්ෂයේ සිට ක්‍රියාත්මක වීමට නියමිත බව කී ඇමැතිවරයා 1-6-10 නියමු ව්‍යාපෘති යටතේ ශිෂ්‍යත්ව විභාගයේ වෙනස්කම් සිදුවන බව සඳහන් කළේය.
ඒ අනුව සිසුන් 4-5 ශ්‍රේණිවලදී පන්ති කාමරය තුළ ලබන අධ්‍යාපනය මඟින් ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු සියයට තිහක් ලබාදෙන බවද හෙතෙම ප්‍රකාශ කළේය.
මෙය නිසි ලෙස තක්සේරු කිරීම ගුරුවරයාගේ වගකීම බවත්, පාසල් මණ්ඩල ගුරුවරුන් අධීක්ෂණය කළයුතු බවත් ඔහු කීය.
නව ලොව අධ්‍යාපන ප්රවණතා සැළකිල්ලට ගෙන මෙම අධ්‍යාපන ක්‍රමවේද සැලසුම්කර ඇතැයිද හෙතෙම සඳහන් කළේය.
නාත්තණ්ඩ්ය ධම්මිස්සර විද්‍යාලයේ ඉදිකළ නව තෙමහල් තාක්ෂණ ගොඩනැගිල්ල සිසු අයිතියට පත්කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් සුසිල් ප්‍රේම්ජයන්ත මේ බව පැවැසීය.
නවීනතම ‘ස්මාර්ට් බෝඩ්’ 2500ක් දිවයිනේ පාසල්වලට අගෝස්තු-සැප්තැම්බර් මාසවලදී ලබාදෙන බවද ඇමැතිවරයා සඳහන් කළේය.
වසර තුනක් ඇතුළත සියලූ පාසල් ඩිජිටල්කරණය කර එකම ජාලයකට ගෙන සුහුරු අධ්‍යාපන අවස්ථා සලසන බවද හෙතෙම ප්‍රකාශ කළේය.
ගුරුවරුන් ඊට පුහුණු කිරීම්වලට අදාළ ගුරු අත්පොත විෂය ප්‍රවීණ විද්වතුන් ලවා සකසා අවසන්ව ඇති බවත්, මූලික වටයේදී ගුරුවරුන් 7500ක් පුහුණු කරන බවත් ඔහු කීය.
ලබන ජූලි මස මුල් සතියේදී ගණිතය, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ජීව විද්‍යාව, සිංහල, ඉංග්‍රීසි, දමිළ මාධ්‍යයන් හා තාක්ෂණවේදය මෙන්ම විදේශ භාෂා යන විෂය ධාරාවල උපාධිධාරී ගුරු පත්වීම් 2500ක් ලබාදෙන බවද ප්‍රේම්ජයන්ත පැවැසීය.
එම සියලු උපාධිධාරීන් විභාගයකට පෙනී සිටීමෙන් අනතුරුව සම්මුඛ පරීක්ෂණවලට පෙනී සිට ඇතැයි කී හෙතෙම මෙමඟින් දක්ෂම ගුරුවරුන් දරුවන්ට ලබාදීමට අපේක්ෂා කරන බව ප්‍රකාශ කළේය.(මව්බිම)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart