August 12, 2024

මීළඟ අගමැතිවරයා ඌව පළාතෙන් බිහිවිය හැකි බවට හිටපු ඇමැති හරීන් ප්‍රනාන්දු ඉඟි පළකර තිබේ.

ඔහු මේ අදහස් පළකළේ ඉරිදා (11) බදුල්ලේ පැවති ‘එක්ව ජයගමු’ වැඩසටහනකට එක්වෙමිනි.

“මට මේක දැනෙනවා. ඌව පළාතෙන් අගමැති කෙනෙක් පත්කරන්න අවශ්‍ය නම් ආසන 9ම (බදුල්ල දිස්ත්‍රික්කයෙන්) දිනන්න පුළුවන් නම්, ඔහුව අගමැති කිරීමේ වගකීම මම භාරගන්නවා.” යැයි එහි පැමිණ සිටි නිමල් සිරිපාල ද සිල්වා ඇමැතිවරයා ඉදිරියේ ඔහු සඳහන් කළේය.

2020 පාර්ලිමේන්තු මැතිවරණයේ දී නිමල් සිරිපාල ද සිල්වා ඡන්ද 141,901 ක් ලබාගනිමින් බදුල්ල දිස්ත්‍රික් මනාප ලැයිස්තුවේ ඉහළින්ම සිටියේය.