
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල ධීවරයන් සඳහා චීන රජයෙන් පරිත්‍යාග කරන ලද ධීවර දැල් 27,760ක් අගෝස්තු මස තුන්වන සතියේදී බෙදාදීමට ධීවර අමාත්‍යාංශය කටයුතු කරයි.
යාපනයේ ධීවරයින් 26,700 කට සහ කිලිනොච්චියේ ධීවරයින් 1,060 කට පමණ මෙම දැල් ලැබෙනු ඇති බව ධීවර නිලධාරීහු පවසති.
මේවා චීන රජය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන ලද ධීවර දැල් 75,000 ක කොටසකි.
අගමැති දිනේෂ් ගුණවර්ධන සහ ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා පසුගියදා චීනයේ කළ සංචාරයන්හිදී කළ ඉල්ලීම් අනුව මෙම දැල් පරිත්‍යාග කළ බව ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
මෙම දැල් සඳහා චීනය රුපියල් බිලියන 1.5ක් (ආසන්න වශයෙන් ඩොලර් මිලියන පහක්) වැයකර ඇති බවත් ඒවා පරිසර හිතකාමී සහ ශ්‍රී ලංකාවේ තත්ත්ව ප්‍රමිතීන්ට අනුකූල වන විශේෂ නූල් වර්ගයකින් නිපදවා ඇති බවත් පැවැසේ.
ධීවර නිලධාරීන් පවසන පරිදි බොහෝ ශ්‍රී ලාංකික ධීවරයන් ශ්‍රී ලංකාවේ තත්ත්ව ප්‍රමිතීන්ට අනුකූල නොවන ප්‍රමිතියෙන් තොර දැල් භාවිතා කරයි.
මෙම චීන දැල් රජයට මෙම ගැටලු විසඳීමට උපකාරී වනු ඇතැයි නිලධාරීහු පවසති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart