
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රාජ්‍ය ආයතන මෙන්ම සෞඛ්‍ය, අධ්‍යාපන සහ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍ර ඉලක්ක කරගනිමින් විදේශීය රටවල් සිදුකරන සයිබර් ප්‍රහාර අතුරින්, නවසීලන්තයට එල්ල වන වඩාත්ම අඛණ්ඩ සහ ප්‍රබලතම රාජ්‍ය අනුග්‍රහය ලත් සයිබර් තර්ජනය එල්ල වන්නේ චීනයෙන් බව නවසීලන්ත සයිබර් ආරක්ෂණ ඒජන්සිය ප්‍රකාශ කරයි.
නවසීලන්ත බුද්ධි තොරතුරු අංශයට අයත් ජාතික සයිබර් ආරක්ෂණ මධ්‍යස්ථානය විසින් නිකුත් කරන ලද වාර්ෂික සයිබර් තර්ජන වාර්තාවට අනුව, නවසීලන්තයේ සංවේදී තොරතුරු අවදානමට ලක් කරමින් විදේශීය රාජ්‍ය පාර්ශ්වයන් විසින් සිදුකරන ලද බවට සැකකෙරෙන සයිබර් ක්‍රියාකාරකම් රැසක් හඳුනාගෙන තිබේ.
මෙම සයිබර් ප්‍රහාර පිටුපස චීනය, රුසියාව, ඉරානය සහ උතුරු කොරියාව යන රටවල රාජ්‍ය අනුග්‍රහය ලත් පාර්ශ්වයන් සිටින බවට එම වාර්තාව මගින් සම්බන්ධතා අනාවරණය කර ඇත.
මේ අතරින් නවසීලන්තය තුළ සයිබර් ක්‍රියාකාරකම්වල නිරත වන වඩාත්ම අඛණ්ඩ සහ ඉහළම හැකියාවන්ගෙන් යුත් රාජ්‍ය පාර්ශ්වය වන්නේ චීනය බව යනුවෙන අදාළ වාර්තාවේ සඳහන් වේ.
චීන සයිබර් ඔත්තු බැලීම් සම්බන්ධයෙන් බටහිර හිතවාදී බුද්ධි ඒජන්සියක් විසින් නිකුත් කරන ලද නවතම අනතුරු ඇඟවීම මෙය වන අතර, බීජිං පාලනය මෙම චෝදනා දිගින් දිගටම ප්‍රතික්ෂේප කරයි.
නවසීලන්තය තුළ විශාල පරිමාණයෙන් ඔත්තු බැලීමේ කටයුතුවල නිරත වන බවට හඳුනාගෙන ඇති එකම රට චීනය බවට පසුගිය අගෝස්තු මාසයේදී එරට ආරක්ෂක ඒජන්සිය නිකුත් කළ වාර්තාවකින් ද පෙන්වා දී තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart