
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එළඹෙන සැප්තැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය සඳහා ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු නිව්යෝර්ක් නගරයට පැමිණියහොත් ඔහුව අත්අඩංගුවට ගත හැකිද යන්න පිළිබඳව තමන් නගර බලධාරීන් සමඟ සාකච්ඡා කරමින් සිටින බව නිව්යෝර්ක් නගරාධිපති සොහ්රාන් මම්දානි පවසයි.
‘ද නිව්යෝර්ක් ටයිම්ස්’ පුවත්පත සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී නගරාධිපති මම්දානි අවධාරණය කළේ ගාසා තීරයේ සිදුකළ මානව විරෝධී අපරාධ සම්බන්ධයෙන් අන්තර්ජාතික අපරාධ අධිකරණය මගින් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කර ඇති නෙතන්යාහු, ඊශ්‍රායල හමුදාවේ ක්‍රියාකලාපයන් හේතුවෙන් නීතිය හමුවට පැමිණවිය යුතු බවයි.
“මම විශ්වාස කරන්නේ අග්‍රාමාත්‍ය නෙතන්යාහු සිටිය යුත්තේ හේග් (ජාත්‍යන්තර අධිකරණය) හි කියලයි. ඔහු අන්තර්ජාතික අපරාධ අධිකරණය මගින් චෝදනා එල්ල වී ඇති යුද අපරාධකරුවෙක්” යැයි මම්දානි සඳහන් කරයි.
පලස්තීන හිතවාදී ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදියකු වන මම්දානි, තමන්ගේ නගරාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය අතරතුරදීම නෙතන්යාහු නිව්යෝර්ක් පැමිණියහොත් අත්අඩංගුවට ගන්නා බවට ප්‍රතිඥා දී තිබිණි. නෙතන්යාහු අත්අඩංගුවට ගැනීමට තමන්ට නෛතික බලයක් තිබේද යන්න පිළිබඳව නගරයේ නීති දෙපාර්තමේන්තුව සමඟ මේ වන විටත් සක්‍රීය සාකච්ඡාවල නිරත වන බව පැවසූ නගරාධිපතිවරයා, “නිව්යෝර්ක් නගරයේ නීතිය මගින් මට ඉඩ ලබාදෙන ඕනෑම දෙයක් කිරීමට අපි සූදානම්, නමුත් ඒ වෙනුවෙන් අපි අලුතින් නීති සම්පාදනය කරන්නේ නැහැ” යනුවෙන් ද ප්‍රකාශ කළේය.
මෙම ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෙතන්යාහු ප්‍රකාශ කර ඇත්තේ නගරාධිපති මම්දානි රහසින් “ඇමරිකාවට වෛර කරන” පුද්ගලයෙකු බව තමන් සිතන බවයි. එසේම, අත්අඩංගුවට ගැනීමේ තර්ජන මධ්‍යයේ වුවද නෙතන්යාහු සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට අනිවාර්යයෙන්ම සහභාගී වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඊශ්‍රායල තානාපති ඩැනී ඩැනන් අවධාරණය කළේය.
මම්දානි නගරාධිපති ධුරයට පත්වීම සහ නෙතන්යාහුට එරෙහිව දිගින් දිගටම හඬ නැඟීම, ඇමරිකානු ඩිමොක්‍රටික් පක්ෂයේ ඡන්දදායකයන් ඊශ්‍රායලයෙන් ඈත්වෙමින් පවතින බවට පැහැදිලි සලකුණකි. මැයි මාසයේ පැවැති ජනමත විමසුමකට අනුව ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ගෙන් හතරෙන් තුනකට ආසන්න පිරිසක් ඊශ්‍රායලයට ඇමරිකානු ආධාර ලබාදීමට විරුද්ධ වී ඇති අතර, එය මීට වසර තුනකට පෙර පැවතියේ සියයට 45ක් ලෙසිනි.
මීට අමතරව, මෙවැනි දේශපාලනික වෙනස්වීම් පෙන්නුම් කරමින් ඊශ්‍රායලයට ලබාදෙන ඇමරිකානු ආධාර නතර කිරීම සඳහා පසුගියදා ඇමරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන්ගෙන් අඩකට ආසන්න පිරිසක් ඡන්දය ප්‍රකාශ කර තිබේ. මෙය මීට වසර කිහිපයකට පෙර සිතීමටවත් නොහැකිව තිබූ තත්ත්වයක් බව දේශපාලන විචාරකයෝ පවසති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart