
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය සංවිධානය කළ සිංහල දෙමිළ අලුත් අවුරුදු සංස්කෘතික උත්සවයේ නැකැත් චාරිත්‍ර සිදුකිරීම අගමැති ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (14) ගම්පහදී සිදුකෙරිණි.
චාරිත්‍රානුකූලව පුණ්‍ය කාලය තුළ අගමැති ආචාර්ය හරිනි අමරසූරිය ගම්පහ මැදගම ශ්‍රී සුනන්දාරාම විහාරස්ථානය වෙත ගොස් ආගමික වතාවත්වල නිරත වූ අතර, එහිදී ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක සංඝ සභික, මැදගම ශ්‍රී සුනන්දාරාම ධර්මදූත පිරිවෙන් මහා විහාරාධිපති පූජ්‍ය තුන්මෝදර සමිත හිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත්තාය.
මෙවර අලුත් අවුරුදු සංස්කෘතික උත්සවයේ චාරිත්‍ර කටයුතු ගම්පහ දර්ශන වීරසිහගේ නිවසේ පැවති අතර, වැඩ ඇල්ලීමේ සුබ නැකත උදාවීමත් සමඟ නිවැසියන්ගේ ආරාධනයෙන් අගමැති ආචාර්ය හරිනි අමරසූරිය විසින් නිවස පරිශ්‍රයෙහි පැළයක් රෝපණය කළාය.
ඊට සමගාමීව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමති ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි සහ විදේශ කටයුතු හා සංචාරක ඇමති විජිත හේරත්ද එම පරිශ්‍රයෙහි පැළ රෝපණය කිරීමේ සත්කාර්යයට දායක වූහ.
අනතුරුව අගමැති දරුවන් සමඟ සාම්ප්‍රදායික ජන ක්‍රීඩාවන්වලද නිරත වූවාය.
සුබ නැකතට අධ්‍යාපන කටයුතුවල නියැලුණු දරුවන් සමඟ එක්වී අකුරු ලිවීමට, කියවීමට මග පෙන්වමින් දේශයේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සංවර්ධනය කිරීමේ සුබ කර්තව්‍යය සනිටුහන් කිරීමටද අගමැතිනිය මෙහිදී කටයුතු කළාය.
අනතුරුව අගමැතිනිය ඇතුළු අනිකුත් පිරිස නිවැසියන් සමග ගනුදෙනු කිරීම හා තෑගි හුවමාරු කිරීමේ චාරිත්‍රය ඉටු කර නිවැසියන් සමඟ ආහාර අනුභව කිරීමේ චාරිත්‍රයටද එක් විය.
සමස්ත රටවැසියන් වෙත අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබපැතුම් එක්කළ අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය, ශ්‍රී ලංකාව මුහුණ දුන් විවිධ අභියෝග හමුවේ ඒවාට මුහුණ දී නිවැරදිව කළමනාකරණය කර ගැනීමට දායකත්වය සැපයූ දෙස් විදෙස් වෙසෙන සියලු දෙනාට ස්තුතිය පළකරන බව පැවසුවාය.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart