
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සංචාරක කර්මාන්තයේ වේගවත් වර්ධනයක් අත්කර ගැනීම සඳහා සංචාරක පනත සංශෝධනය කිරීමට පියවර ගන්නා බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් පවසයි.
රටේ සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා වත්මන් රජයට දිගුකාලීන සැලැස්මක් සහ ඉලක්කයක් ඇති බව ඔහු පැවසීය.
සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා සියලුම ආයතනවල ඒකාබද්ධ ව්‍යුහයක් අවශ්‍ය බවත්, මේ සඳහා ජාතික සංචාරක කොමිසමක් ස්ථාපිත කිරීමට අපේක්ෂා කරන බවත් ඔහු පැවසීය.
එමෙන්ම අමාත්‍යවරයා පෙන්වාදුන්නේ, ජාතික සංචාරක කොමිසම හරහා දිස්ත්‍රික් මට්ටමින් සහ සංචාරක කලාප මට්ටමින් ඒකාබද්ධ සංචාරක කමිටු පිහිටුවීමට සැලසුම් සකස් කරමින් සිටින බව සහ ඒ සඳහා නව නීතියක් හඳුන්වාදෙන බවයි.
මේ සඳහා පවතින නීති ප්‍රමාණවත් නොවීම හේතුවෙන් සංචාරක පනත මේ ආකාරයෙන් සංශෝධනය කරන බවත්, එම කාර්යය විශේෂඥ කණ්ඩායමක් වෙත පවරා ඇති බවත් ඔහු තවදුරටත් පැවසීය.
2025 ජනවාරි 1 වැනි දින සිට 2025 ඔක්තෝබර් 29 වන දින දක්වා මෙරටට පැමිණි විදේශීය සංචාරකයින් සංඛ්‍යාව මිලියන 1.8 ඉක්මවා ඇත.
පසුගිය ඔක්තෝබර් මාසයේ පමණක් මෙරටට පැමිණි විදේශීය සංචාරකයන් සංඛ්‍යාව 153,063ක් ලෙස වාර්තා විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart