
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පිහිටි නාගරික සංවර්ධන අධිකාරිය මගින් පාලනය වන නිවාස සංකීර්ණ 24 ක ආරක්ෂාව තහවුරු කිරීම සහ නීතිය හා සාමය පවත්වාගෙන යාම සඳහා පොලිසිය සහ නාගරික සංවර්ධන අධිකාරිය එක්ව ඒකාබද්ධ වැඩසටහනක් ආරම්භ කර තිබේ.
පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරියගේ උපදෙස් පරිදි, කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සොයිසාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේදී මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.
සම්පූර්ණ පොලිස් ආරක්ෂක සැලැස්මක් ඔස්සේ නාගරික පුනරුත්ථාපන ව්‍යාපෘතිය යටතේ ජීවත්වන පදිංචිකරුවන්ගේ ජීවිත හා දේපළ ආරක්ෂා කිරීම මෙම වැඩසටහනේ අරමුණයි.
නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු දමිත් දිසානායක ඉදිරිපත් කළ යෝජනාවලට අනුව, අවශ්‍ය ආරක්ෂක පියවර ගන්නා ලෙස අදාළ ප්‍රදේශවල පොලිස් ස්ථාන වෙත උපදෙස් දී ඇත.
ඇතැම් නිවාස සංකීර්ණ තුළ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් සහ ඉන් පොදු දේපළවලට සිදුවන හානි සම්බන්ධයෙන්ද මෙහිදී නිලධාරීන්ගේ අවධානය යොමුවිය.
ඊට පිළියම් ලෙස නව පොලිස් මුරපොළවල් ස්ථාපිත කිරීම, දැනට පවතින පොලිස් පහසුකම් ප්‍රතිසංස්කරණය කර නැංවීම, නිත්‍ය පොලිස් සංචාරක මුරපොළවල් වැඩි කිරීම සහ පොදු දේපළවලට හානි සිදුකරන වරදකරුවන්ට එරෙහිව තදින් නීතිය ක්‍රියාත්මක කිරීමට තීරණය කෙරිණි.
කොළඹ නාගරික ප්‍රදේශවල පදිංචිකරුවන්ගේ දීර්ඝකාලීන ආරක්ෂාව සහ සුබසාධනය තහවුරු කිරීම සඳහා පොලිසිය සහ නාගරික සංවර්ධන අධිකාරිය අතර පවතින සබඳතාව අඛණ්ඩව පවත්වාගෙන යාමේ වැදගත්කම දෙපාර්ශවයම මෙහිදී අවධාරණය කළහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart