
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
උතුරුදිග චීනයේ ළමයින් අතර සුලබව වාර්තා වන අසාමාන්‍ය නියුමෝනියාව හෙවත් සුදු පෙනහළු රෝග ලක්ෂණවලට සමාන රෝග ලක්ෂණ ඇති රෝගීන් මේ වනවිට ලොව තවත් කලාපවලින් වාර්තා වෙමින් පවතී.
අමෙරිකානු හා යුරෝපා කලාපවලින් මෙම රෝග ලක්ෂණ සහිත රෝගීන් වාර්තා වෙමින් පවතින බව විදෙස් ජනමාධ්‍ය සඳහන් කරයි.
මෙම අබිරහස් නිව්මෝනියාව විදෙස් ජනමාධ්‍ය විසින් හඳුන්වනු ලබන්නේ ‘ඇවිදින නිව්මෝනියාව’ නමිනි.
දිනකට ළමුන් 7000කට වැඩි සංඛ්‍යාවකට මෙම නව නිව්මෝනියාව ආසාදනය වන බවට නිල නොවන වාර්තා අනාවරණය කරයි.
ඒ අනුව කැනඩාවෙන්, ඉතාලියෙන් සහ රුමේනියාවෙන් ද සුදු පෙනහලු රෝගීන් වාර්තා වී ඇතැයි වාර්තා අනාවරණය කරයි.
මෙම තත්වය මත චීනයේ සිට පැමිණෙන මගීන් සඳහා ගුවන්තොටුපොළ පරික්ෂා දැඩි කිරීමට තායිවානය ඇතුළු රටවල් ගණනාවක් පසුගියදා තීරණය කළේය.
පසුගිය නොවැම්බර් මාසයේ සිට මෙම රටවලට පැමිණි චීන මගීන් 30 දෙනකු නියුමෝනියා ආසාදිතයන් බවට හඳුනාගැනීමට තිබේ.
දරුවන් අතර පැතිර යන මෙම නිව්මෝනියාව හේතුවෙන් උතුරු චීනයේ පාසල් ගණනාවක් වසාදමා ඇති බවද වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart