April 20, 2026

බලශක්ති අමාත්‍ය ධූරය කැබිනට් මණ්ඩලය දැනටමත් නියෝජනය කරන අමාත්‍යවරයකු වෙත පැවරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි එම ධුරයෙන් පසුගිය සිකුරාදා(17) ඉල්ලා අස්වීමෙන් පසු අමාත්‍ය ධුරය පුරප්පාඩු විය.

ගල්අඟුරු ආනයනයට අදාළ ක්‍රියාවලිය පරීක්ෂා කර බැලීමේ විශේෂ ජනාධිපති කොමිසම පවත්වන විමර්ශනයට ඉඩ සලසමින් තමා ඉල්ලා අස්වන බව අමාත්‍ය කුමාර ජයකොඩි ජනාධිපතිවරයාට ඉල්ලා අස්වීමේ ලිපිය යවමින් දැනුම් දී තිබිණි.

බලශක්ති අමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීමත් සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව එම ධුරයෙහි කාර්යයන් ජනාධිපතිවරයා වෙත පැවරෙන අතර, ජනාධිපතිවරයා විසින් ඉදිරියේදී නව බලශක්ති අමාත්‍යවරයා පත්කරනු ඇත.