May 22, 2026

කපිල විජේගුණවර්ධනගේ සභාපතිත්වයෙන් යුත් නව ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව නම්කර ඇත.

එම කමිටුවේ සෙසු සාමාජිකයන් වන්නේ අමල් සිල්වා, බ්‍රෙන්ඩන් කුරුප්පු, වරුණ වරාගොඩ සහ වැනීසා ද සිල්වා ය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පසුගිය පරිපාලනය විසින් පත්කර තිබුණු ප්‍රමෝදය වික්‍රමසිංහගේ සභාපතිත්වයෙන් යුත් තේරීම් කමිටුව පසුගිය වකවානුවේ දැඩි ලෙස විවේචනයට ලක්ව තිබිණි.