February 11, 2026

චීනයේ බීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, අති නවීන හොලෝග්‍රැෆික් තාක්ෂණය භාවිත කරමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් නව ගමනාන්ත ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කර තිබේ.

එමඟින් ශ්‍රී ලංකාව නව්‍ය හා ආකර්ශනීය ආකාරයකින් සංචාරකයන්ට ඉදිරිපත් කිරීමට හැකි වේ.

ජනප්‍රිය රිටන් උද්‍යානයට යාබදව පිහිටා ඇති තානාපති කාර්යාලයේ ප්‍රධාන ස්ථානයක ස්ථාන ගතකර ඇති හොලෝග්‍රෑම් ප්‍රක්ෂේපණ විශාල පිරිසකට නැරඹීමට ඉඩ සලසයි.

උත්සව, උරුමය ඇති ස්ථාන , වනෝද්‍යාන, පෞරාණික ස්ථාන, දර්ශනීය ස්ථාන සහ ත්‍රාසජනක ස්ථාන ආදී ප්‍රධාන තේමාවන් අටක් හරහා ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ෂණය ප්‍රදර්ශනය කෙරේ.

මෙම වැඩසටහන මගින් ශ්‍රී ලංකාවේ විවිධ ආකර්ෂණීය ස්ථාන පිළිබඳ නිර්මාණාත්මක අත්දැකීමක් නරඹන්නන්ට ලබාදීම අරමුණු කර ගෙන ඇති අතර, ගමනාන්තය පිළිබඳ පුදුමයක් සහ කුතුහලයක් ඇති කරයි.

තානාපති කාර්යාලයට අනුව, හොලෝග්‍රැෆික් ප්‍රදර්ශනය 2026 දී ශ්‍රී ලංකාවට පැමිණීම සළකා බැලීමට චීනයේ සංචාරකයන් ආකර්ෂණය කරගැනීමට සහ පොළඹවා ගැනීමට අපේක්ෂා කරයි.