
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා මහ බැංකුව සහ එහි කටයුතු තව දුරටත් ස්වාධීන කරමින් සම්මත වූ මහ බැංකු පනත අද (15) සිට ක්‍රියාත්මක බව වැඩ බලන මුදල් ඇමැති රංජිත් සියඹලාපිටිය පවසයි.
ඒ් අනුව මහ බැංකුව මගින් මීට පෙර සිදුකළ මුදල් මුද්‍රණය සිදුකළ හැක්කේ ඉතා සීමාසහිතව සුවිශේෂී තත්ත්වයන් යටතේ බව ඇමැතිවරයා සඳහන් කරයි.
රට තුළ පවතින විශේෂ ආරක්ෂක ගැටලුවක දී සහ ලෝක මට්ටමේ සෞඛ්‍ය ගැටලුවක දී පමණක් එම අවස්ථාව හිමි වේ.
එසේ මුදල් මුද්‍රණය කළ හැකිවන්නේ ද නිකුත් කර ඇති භාණ්ඩාරගාර බිල්පත් වටිනාකමින් 05%ක වටිනාකම නොඉක්මවන මුදලක් පමණක් බව ඇමැතිවරයා සඳහන් කරයි.
මීට අමතරව මහ බැංකුව උද්ධමන ඉලක්කයක් අනුව කටයුතු කළයුතු අතර, ඊට ළඟාවීමට අපොහොසත් වුවහොත්, ඒ් සම්බන්ධයෙන් හේතු දැක්වීමට ද නව පනතට අනුව මහ බැංකුවට සිදුවේ.
මහ බැංකුවේ සාමාන්‍ය පාලක මණ්ඩලය සහ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය සඳහා භාණ්ඩාගාර ලේකම්වරයා සහභාගී නොවන බව ඇමැතිවරයා පෙන්වාදෙයි.
එම මණ්ඩල සාමාජිකයන්ගේ සුදුසුකම් පවා නව මහ බැංකු පනතට ඇතුළත් කර තිබීම ද විශේෂත්වයකි.
එම පත්වීම් අනුමත කළ යුතු වන්නේද ව්‍යාවස්ථාදායක සභාව මගිනි.
මීට අමතරව මහ බැංකු අධිපතිවරයා කැඳවා කරුණු වීමසීමට ද මෙමගින් පාර්ලිමේන්තුවට බලය හිමිවන බව ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart