
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තාක්ෂණ හා නවෝත්පාදන (ACITI) හවුල්කාරිත්වය නමින් නව ත්‍රෛපාර්ශ්වික තාක්ෂණ හා නවෝත්පාදන සන්ධානයක් පිහිටුවීමට ඉන්දියාව, ඕස්ට්‍රේලියාව සහ කැනඩාව එකඟ වී තිබේ.
විදෙස් ජනමාධ්‍ය වාර්තා කළේ රටවල් ත්‍රිත්වයේ නායකයින් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවයි.
දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන ජී20 සමුළුවට සමගාමීව එම සාකච්ඡා පැවැත්විණි.
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් සහ කැනඩා අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නි එලෙස සාකච්ඡා සඳහා එක් විය.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ පවතින ද්විපාර්ශ්වික මුලපිරීම් සම්පූර්ණ කිරීම සඳහා තීරණාත්මක සහ නැගී එන තාක්ෂණයන් පිළිබඳ සහයෝගීතාවයේ ඔවුන්ගේ අභිලාෂය ශක්තිමත් කිරීමට රටවල් ත්‍රිත්වය එකඟ වී ඇති බවයි.
මෙම මුලපිරීම රටවල් තුනේ ස්වාභාවික ශක්තීන් මත පදනම් වන අතර හරිත බලශක්ති නවෝත්පාදනය සහ තීරණාත්මක ඛනිජ ඇතුළු ඔරොත්තු දෙන සැපයුම් දාම ගොඩනැගීම කෙරෙහි අවධාරණය කරනු ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
“එය ශුද්ධ ශුන්‍යය කරා ඔවුන්ගේ අදාළ අභිලාෂය සහ උපායමාර්ගික සහයෝගීතාව ගැඹුරු කරන අතර ආරක්ෂිත, තිරසාර සහ ඔරොත්තු දෙන අනාගතයක් කරා සැපයුම් දාම තවදුරටත් විවිධාංගීකරණය කිරීමට හේතු වනු ඇත.” යනුවෙන් එම නිවේදනයේ සඳහන් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart