
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙරටට ආනයනය කරන ඖෂධවල තත්ත්ව පරීක්ෂණ සිදුකිරීම සඳහා අන්තර්ජාතිකව පිළිගත් රසායනාගාරයක් ස්ථාපිත කිරීමට රජය මූලික පියවර ගනිමින් සිටින බව සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කරයි.
මෙවැනි විද්‍යාගාරයක් පිහිටුවීමට රුපියල් බිලියනයක් පමණ වැයවන බවත්, ඒ සඳහා මූලික ශක්‍යතා අධ්‍යයනය සිදුකරමින් පවතින බවත්, ඇමැතිවරයා සඳහන් කර ඇත.
මෙහිදී ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) දැනට පවතින රසායනාගාරය අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුකූලව සකස් කරන්නේද, නැතහොත් නව රසායනාගාරයක් ස්ථාපිත කරන්නේද යන්න පිළිබඳව අවසන් තීරණයක් ගෙන නොමැති බවද ඇමැතිවරයා පවසයි.
රජය වසරකට රුපියල් බිලියන ගණනින් මුදල් වැයකළද මෙරටට ආනයනය කරන ඖෂධවල ප්‍රමිතිය පරීක්ෂා කිරීමට ශ්‍රී ලංකාවට ප්‍රමිතිගත රසායනාගාරයක් නොමැත.
NMRAහි ඇති එකම රසායනාගාරය ද මීට වසර 30 කට පෙර නිර්මාණය කරන ලද්දක් වන අතර, එය දැනට ක්‍රියාත්මක නොවන උපකරණ ගණනාවක් සමඟ අබලන් තත්ත්වයේ පවතින බව වාර්තා වේ.
මෙම රසායනාගාරය විසින්, ප්‍රමිතිකරණය සඳහා වූ අන්තර්ජාතික සංවිධානයෙන් (ISO) ප්‍රමිති සහතික ලබාගැනීම සඳහා ලියකියවිලි ඉදිරිපත් කර ඇති නමුත්, එම ඉල්ලීම ප්‍රතික්ෂේප වී ඇත.
NMRA රසායනාගාරයේ යන්ත්‍රවලින් සියයට 50කට ආසන්න ප්‍රමාණයක් ක්‍රියාකාරී තත්ත්වයේ නොමැති බව සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් පෙන්වාදෙයි.
ආරම්භයේ සිටම එහි ධාරිතාව වැඩි දියුණු කර නොමැති අතර, මේ වන විට එය අබලන් තත්ත්වයක පවතින බව ඔහු පවසයි.
මීට වසර දෙකකට පෙර එහි සිටි විද්‍යාඥයන් සංඛ්‍යාව 60 සිට 20 දක්වා පහත වැටී ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart