
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බස් ඩි ලේඩාගේ විශිෂ්ට තුන් ඉරියව් දක්ෂතාව හේතුවෙන් ස්කොට්ලන්තයේ අත පොවන මානයේ පැවති අවස්ථාව උදුරා ගනිමින් නෙදර්ලන්තයට එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට හැකි විය.
එක්දින තරගයකදී පළමුවරට කඩුලු 5ක් දවා ගත් ඩි ලේඩා පහසුවෙන් ලකුණු 300 සීමාව පසුකරනු ඇති බවට අනාවැකි පළ වූ ස්කොට්ලන්ත ඉනිම කඩුලු 9ක් දැවී ලකුණු 277කට සීමා කිරීමේ ප්‍රමුඛයා විය.
දල ලකුණු වේගය මත ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට නම් එම ඉලක්කය පන්දුවාර 44කදී පසු කර යෑමේ අභියෝගය නෙදර්ලන්තය ඉදිරියේ පැවතුණි.
යළි ක්‍රියාත්මක වූ ඩි ලේඩා සිය මංගල එක්දින ශතකය වාර්තා කරමින් පන්දු 92කින් ලකුණු 123ක් ලබා පන්දුවාර 42.5කදී කඩුලු 6ක් පමණක් දැවී ජයග්‍රහණය සපුරා ගැනීමට නෙදර්ලන්තයට ඉඩ හසර විවර කර දුන්නේය.
නෙදර්ලන්තය එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියකට සුදුසුකම් ලබා ගත්තේ 5 වැනි වරට වන අතර අවසන් වරට ඔවුන් 2011 තරගාවලිය නියෝජනය කළේය.
බස් ඩි ලේඩා ඉතිහාසයට එක්වන්නේ එක්දින තරගයකදී පිතිකරණයේදී ශතකයක් ලබා ගෙන පන්දු යැවීමේදී කඩුලු 5ක් දවා ගත් ලොව සිව්වැනි ක්‍රීඩකයා ලෙසය.
එම සුපිරි තුන් ඉරියව් දක්ෂතාව ස්කොට්ලන්තය වෙනුවෙන් වාර්තා වූ බ්‍රෙන්ඩන් මැක්මුලන්ගේ ශතකය ලකුණු සටහනට පමණක් සීමා කරවීය.
ඒ අනුව සිම්බාබ්වේ හිදී පැවැති ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ දක්ෂතා අනුව ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය ඉන්දියාවේ දී පැවැත්වෙන එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart