
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සලිඳු මල්ෂිත ගුණරත්න හෙවත් ‘පානදුර කුඩු සලිඳු’ නමැත්තාගේ මුදල් අයකැමි ලෙස කටයුතු කළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, ගල්කිස්ස මූලස්ථාන පොලිසිය සිදුකළ වැටලීමකදීයි.
සැකකරු සිය බිරිඳ සමග හොරයින් මත්ද්‍රව්‍ය බෙදා හරිමින් මුදල් එකතු කරමින් සිටියදී රත්මලාන ගුවන්තොටුපොළ හංදිය අසලදී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පැවසීය.
ඔවුන් සතුව තිබී රුපියල් ලක්ෂ 63ක මුදලක්, හොරයින් මත්ද්‍රව්‍ය මිලිගෑම් 15,055ක්, නවීන පන්නයේ මුදල් ගනින යන්ත්‍රයක්, විද්‍යුත් තරාදියක් හා ස්කූටර් වර්ගයේ යතුරුපැදියක්ද පොලිස් විසින් සොයා ගෙන තිබේ.
ත්‍රීරෝද රථයකින් ද්‍රව්‍ය රැගෙන පුද්ගලයකු පැමිණෙන බවට ගල්කිස්ස මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමේධ විමල ගුණරත්නට ලද තොරතුරකට අනුව ගුවන්තොටුපොළ හන්දියේ සිට ගාලු පාර දෙසට පැමිණෙමින් තිබූ ත්‍රීරෝද රථයක් නවතා සිදු කළ පරීක්ෂා කිරීමේදී එම පුද්ගලයා සන්තකයේ තිබී හොරයින් මත්ද්‍රව්‍ය සොයා ගෙන ඇත.
අනතුරුව එහි පිටුපස අසුනේ රැඳී සිටි කාන්තාවක් සතුවූ බෑගයක් පරීක්ෂා කිරීමේදී ඒ තුළ තිබී මුදල් තොගය සොයාගැනීමට පොලිසියට හැකිවී ඇත.
දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීමේදී මොවුන් අඹුසැමියන් බවට අනාවරණය වී ඇති අතර, ඔවුන් පානදුර කුඩු සලිඳුගේ මත්ද්‍රව්‍ය බෙදාහරිමින් මුදල් එකතු කිරීමේ යෙදෙන අය බවට අනාවරණය වී තිබේ.
ඒ වෙනුවෙන් මාසික වැටුප ලෙස 150,000ක මුදලක් සලිඳු නමැත්තා ලබාදෙන බවත් සැකකරුවන් පවසා ඇත.
වයස අවුරුදු 26 හා 34 වයස්වල පසුවන අඹුසැමි යුවළගෙන් රැඳවුම් නියෝග මත වැඩිදුර ප්‍රශ්න කිරීමටත් නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart