
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අනුරාධපුරයේ ඉදිකරන ලද මෙගාවොට් 10/ මෙගාවොට් පැය 40 බැටරි බලශක්ති ගබඩා පද්ධතිය, ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (18) පෙරවරුවේ සිදු විය.
මෙරට පුනර්ජනනීය බලශක්ති ධාරිතාව සහ විදුලි පද්ධතියේ ස්ථායීතාව ඉහළ නැංවීමේ අරමුණින් Storex පුද්ගලික සමාගමේ දායකත්වයෙන් මෙම බලශක්ති ගබඩා පද්ධතිය ස්ථාපනය කර තිබේ.
බලශක්ති ගබඩා කිරීමේ බැටරි පද්ධති තාක්ෂණය වත්මන් බලශක්ති ක්ෂේත්රයේ ඇති සුවිශේෂම සහ වඩාත් කාර්යක්ෂම තාක්ෂණය වේ. දිවා කාලයේ නිපදවන අතිරික්ත සූර්ය බලය ගබඩා කර රාත්‍රී කාලයේ විදුලි ඉල්ලුම වැඩි අවස්ථාවේදී ජාතික පද්ධතියට මුදා හැරීම මෙම තාක්ෂණයේ විශේෂත්වයයි.
ජාතික විදුලිබල ජාලයේ ස්ථායීතාවය වර්ධනය කරමින්, බලශක්ති ගබඩා කිරීමේ පද්ධති 13ක් මෙගාවොට් 130ක සහ මෙගාවොට් පැය 520ක ධාරිතාවකින් යුතුව ජාතික විදුලි බල පද්ධතියට එක් කිරීම Storex පුද්ගලික සමාගමේ සමස්ත ව්‍යාපෘතිය යටතේ සිදු කෙරෙන අතර ඉන් පළමු බලශක්ති ගබඩා පද්ධතිය මෙලෙස අනුරාධපුරයේදී ජාතික විදුලි බල පද්ධතියට එක් කෙරිණි.
ඉතිරි ව්‍යාපෘතිද කඩිනමින් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට නියමිත බව මෙහිදී සඳහන් කෙරිණි.
සමරු ඵලකය නිරාවරණය කර බලශක්ති ගබඩා පද්ධතිය ජාතික විදුලි බල පද්ධතියට සම්බන්ධ කිරීමේ අවස්ථාවට එක් වූ ජනාධිපතිවරයා බැටරි ගබඩා පද්ධතිය පිහිටි පරිශ්‍රය නිරීක්ෂණය කිරීමට එක් විය.
මෙම ව්‍යාපෘතිය යටතේ තම්මැන්නාපුර විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන්ගේ ප්‍රයෝජනය සඳහා මුද්‍රණ යන්ත්‍රයක් ලබා දීම සහ එහි සාමාන්‍ය පෙළ ගණිතය සහ විද්‍යාව හරාදන සිසුන් වෙනුවෙන් ශිෂ්‍යත්ව 10ක් පිළිගැන්වීමද මෙහිදී ජනාධිපතිවරයා අතින් සංකේතාත්මකව සිදු කෙරිණි.
මෙම උත්සව සභාව ඇමතූ වරාය හා සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක පෙන්වා දුන්නේ මෙම අවස්ථාව වැඩි වශයෙන් සුනිත්‍ය බලය උපයෝගී කර ගනිමින්, පවිත්‍ර විදුලිබල ජනනය සහ අඩු ජනන පිරිවැයකින් සාධාරණ මිලකට ජනතාවට විදුලිය ලබා දීම මෙන්ම කාර්යක්ෂම, විශ්වාසදායක සහ අඛණ්ඩ විදුලිබල සැපයුමක් සහතික කිරීමේ රජයේ අරමුණු යථාවත් කෙරෙන අවස්ථාවක් බවයි.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart