
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නේපාලය එරට තුළ Telegram යෙදුම තහනම් කර ඇති බව වාර්තා වේ.
රට තුළ අන්තර්ජාලය ඔස්සේ සිදුවන වංචා සහ මුදල් විශුද්ධිකරණය ඉහළ යාම හමුවේ මෙම පියවර ගත් බව නේපාල විදුලි සංදේශ අධිකාරිය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින්, නේපාල විදුලි සංදේශ අධිකාරිය සඳහන් කළේ, Telegram යෙදුමට ප්‍රවේශය වහාම සීමාකරන ලෙස එරට සියලුම අන්තර්ජාල සේවා සපයන්නන්ට උපදෙස් නිකුත් කළ බවයි.
Telegram යෙදුම අපරාධ ක්‍රියාකාරකම් සඳහා අනිසි ලෙස භාවිත කිරීමේ ඉහළ යෑමක් නිරීක්ෂණය කර ඇතැයි ද එම අධිකාරිය පවසයි.
කඩාකප්පල් කිරීම් සහ හානිකර අන්තර්ගතයන් පිළිබඳ චෝදනා කරමින් 2023 නොවැම්බර් මාසයේදී නේපාලය TikTok යෙදුම ද රට තුළ තහනම් කළේය.
කෙසේවෙතත් නේපාල රජයේ රෙගුලාසිවලට අනුකූලව සහ ඩිජිටල් සාක්ෂරතාවය සහ සංචාරක ප්‍රවර්ධන ව්‍යාපාරවලට සහාය වීමට TikTok හි මව් සමාගම වන ByteDance එකඟවීමෙන් පසු එම තහනම පසුගිය වසරේ අගෝස්තු මාසයේදී ඉවත් කරන ලදී.
විශ්ලේෂකයන් පවසන්නේ එවැනි තහනම් කිරීම් ක්‍රියාත්මක කිරීම දුෂ්කර බවත්, බොහෝ පරිශීලකයන් සීමාවන් මඟහැරීම සඳහා අතථ්‍ය පෞද්ගලික ජාල (VPN) වෙත යොමුවන බවත්ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart