
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අසල්වැසියන්ට සැකයක් නොහිතන පරිදි මාසයක පමණ කාලයක් තිස්සේ රාත්‍රී කාලයේදී පමණක් තම නිවස ඉදිරිපිට මිදුලේ ඇතැයි කියන නිදන් වස්තු සොයා කැණීමක් සිදුකළ බව කියන නිවෙස් හිමියා, එම කැණීම සදහා යොදාගත් උපකරණ සමග පසුගිය 1 වැනිදා අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, අනුරාධපුර ශ්‍රාවස්තිපුර, අලුත්වැව ප්‍රදේශයේ පදිංචි, 53 හැවිරිදි පුද්ගලයෙකි.
අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට, යුද හමුදාවෙන් ලබාදුන් තොරතුරකට අනුව සැකකරු සමග කැණීම සඳහා යොදාගත් උපකරණ මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මෙම වැටළීම සිදුකරන අවස්ථාවේදී සැකකරු විසින් අඩි නවයක් පමණ ගැඹුරට, අඩි අටක් පළලට විවිධ දිසාවන්වලට විහිදෙන පරිදි මෙම කැණීම, අක්‍රමවත්ව සිදුකර තිබූ බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී මෙම කැණීම සඳහා යොදාගත් විල්බැරෝවක්, කපන කටු දෙකක්, උදැල්ලක්, නයිලෝන් කඹයක්, අඩි පහළොවක් දිග කේබලයක් සහ රාත්‍රී කාලයේ එම කැණීම්වලට විදුලිය ලබා ගැනීමට භාවිත කළ අඩි විස්සක් පමණ දිග වයරයක්ද සොයාගත් බව පොලිසිය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකරු සහ එම නඩු භාණ්ඩ පෙරේදා (2දා) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart