
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මියන්මාරයේ සයිබර් අපරාධ ප්‍රදේශයේ සිටින ශ්‍රී ලාංකිකයින් පිරිස මුදාගැනීම සඳහා ත්‍රස්තවාදී කණ්ඩායම සමග සාකච්ඡා ආරම්භ කළ බව මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජානක බණ්ඩාර පවසයි.
තානාපතිවරයා සඳහන් කළේ, එම ත්‍රස්තවාදී කණ්ඩායම සමග සාකච්ඡා කිරීමට මියන්මාර ස්වදේශ කටයුතු ඇමැතිවරයාගේ එකඟතාව ලැබීමත් සමග අදාළ සාකච්ඡා ආරම්භ කළ බවයි.
මියන්මාරයේ, තායිලන්ත දේශසීමාවේ පිහිටි සයිබර් ක්‍රිමිනල් ඒරියා හෙවත් සයිබර් අපරාධ ප්‍රදේශය ලෙස හඳුන්වන ස්ථානයේ ශ්‍රී ලාංකික තරුණ තරුණියන් 56 දෙනකු බලහත්කාරයෙන් රඳවාගෙන සිටින සිද්ධිය පිළිබඳ තොරතුරු පසුගිය දින කිහිපයේදී වාර්තා විය.
මියාවෙඩ්ඩි නමැති නගරයේ සිට කිලෝමීටර් 25ක් දුරින් පිහිටා ඇති මෙම ප්‍රදේශය සම්පුර්ණයෙන්ම ත්‍රස්ත කණ්ඩාමක් ග්‍රහණයේ පැවතීම හේතුවෙන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ඔවුන් මුදාගැනීම සඳහා දැඩි උත්සායක් දැරීමට සිදුව තිබේ.
මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජානක බණ්ඩාර පැවසුවේ, එරට හමුදා රජයේ පාර්ශ්ව රැසක් හමුවී මේ වනවිටත් සාකච්ඡා කර ඇති බවයි.
ශ්‍රී ලංකාවේ පමණක් නොව ඉන්දියාව ඇතුළු ආසියාතික රටවල් කිහිපයක තරුණ තරුණියන් සයිබර් වහලුන් ලෙස මෙම ප්‍රදේශයේ සිරව සිටින අතර ඇතැම් රටවල් හමුදා මෙහෙයුම් සිදු කරමින් ඔවුන්ව මුදාගැනීමට ද කටයුතු කර තිබිණි.
පසුගිය මාසයේදී ත්‍රස්තවාදී කණ්ඩායමේ රියැදුරකුට පහරදී තරුණයන් සිව්දෙනෙකු හා තරුණියක මෙරටට නැවත පළාවිත් තිබුණේ රතු කුරුස සංවිධානයේ සහ මියන්මාර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සහාය ලබාගනිමිනි.
තානාපතිවරයා ප්‍රකාශ කළේ, ඔවුන්ගේ සෘජු මැදිහත්වීමෙන් මීට පෙර 37 දෙනකු ගලවාගත් බවයි.
තානාපති නිල වාහන සහ නිල නිවස භාවිත කරමින් ඇතැම් ක්‍රියාකාරකම් සිදුකළ බව ද තානාපති ජානක බණ්ඩාර පැවසුවේ ය.
පසුගිය වසරක කාලය තුළ ශ්‍රී ලාංකික තරුණ තරුණියන් සංචාරක වීසා භාවිත කර තායිලන්තයට ගෙන ගොස් ඩොලර් 5000ක මුදලට ත්‍රස්තවාදීන්ට විකුණු බවට චෝදනා එල්ලවෙන පුද්ගලයන් දෙදෙනකු පිළිබඳවද වාර්තාවී ඇත.(News 1st)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart