
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ සිදුකරන සංචාරය සම්බන්ධයෙන් තමන් බොහෝ සෙයින් උනන්දුවෙන් සිටින බව තුන් වතාවක් ග්‍රැමී සම්මානයෙන් පුදලැබූ කීර්තිමත් ගීත රචකයකු වන R&B සංගීත තරුවක් වන නෙ-යෝ(Ne-Yo) පවසයි.
ඔහුගේ ප්‍රසංගය 2025 දෙසැම්බර් 28 වැනිදා සවස 6:00ට සුගතදාස එළිමහන් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය.
Ne-Yo So Sick, Miss Independent සහ Closer ඇතුළු ඔහුගේ ඉහළම ජනප්රියත්වයතත්වයක් ඇති ගීත ලොව පුරා ප්‍රේක්ෂකයන් ආකර්ෂණය කර ගෙන ඇත.
ඔහුගේ නොවරදින හඬ, ගතික රංගනයන් ඔහු R&B හි වඩාත්ම බලගතු චරිතයක් ලෙස තමාව තහවුරු කරගෙන ඇත.
ඔහුගේ සාර්ථක ගායන වෘත්තියට අමතරව, ගීත රචකයකු ලෙස නෙ-යෝගේ දක්ෂතා සංගීත කර්මාන්තය හැඩගැස්වීමට උපකාරී වී තිබේ.
ඔහු රිහානා, බියොන්සේ, මාරියෝ, පිට්බුල් සහ සෙලීන් ඩියොන් ඇතුළු ක්ෂේත්රයේ ප්‍රබලයන් කිහිප දෙනෙක් සඳහාම ගීත රචනා කර ඇත.
“මට සැමවිටම ශ්‍රී ලංකාවට පැමිණීමට අවශ්‍ය වුණා, අවසානයේ මගේ සංගීතය එහි සිටින ජනතාවට ගෙන ඒමට මම ඉතා සතුටින් බලාපොරොත්තුව ඉන්නවා. එය මතක හිටින රාත්‍රියක් වෙයි,” නෙ-යෝ පැවසීය.
මෙම ප්‍රසංගය සඳහා ප්‍රවේශපත්‍ර 2025 සැප්තැම්බර් 1 වැනිදා සිට නිල ටිකට්පත් සහකරු වන PickMe App වෙතින් පමණක් ලබා ගත හැකිය.
සාමාන්‍ය ප්රවේශයේ සිට VIP සහ VVIP දක්වා කාණ්ඩ සමඟ, මෙම උත්සවය සෑම රසිකයකුටම නෙ-යෝගේ රංගනය සමීපව සහ පෞද්ගලිකව අත්විඳීමට අවස්ථාවක් ලබා දීම සඳහා නිර්මාණය කර ඇත.
මෙම ප්‍රසංගය අමිත් බොතේජුගේ නායකත්වය යටතේ බ්‍රවුන් බෝයි ප්රෙසන්ට්ස් විසින් ඉදිරිපත් කරනු ලැබේ.
“නෙ-යෝ කොළඹට ගෙන ඒම යනු ප්‍රසංගයක් පැවැත්වීම පමණක් නොවේ; එය ශ්‍රී ලංකාව සඳහා ඓතිහාසික මොහොතක් නිර්මාණය කිරීම ගැනයි. අපගේ මෙහෙවර සැමවිටම මේ රට අන්තර්ජාතික විනෝදාස්වාද සිතියමට ඇතුළත් කිරීම සඳහායි, මෙම සිදුවීම එම ගමනේ වැදගත් සන්ධිස්ථානයක්.” යනුවෙන් ඉදිරියේදී පැවැත්වීමට නියමිත ප්‍රසංගය පිළිබඳව අදහස් දක්වමින් බොතේජු පැවසුවේය
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart